ගීතාවලිය 132:10-12
ගීතාවලිය 132:10-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ සේවක දාවිත් නිසා ඔබගේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් ඔබගේ මුහුණ ඉවත නො හැරෙවුව මැනව. ස්වාමින්වහන්සේ උන්වහන්සේ ම අවලංගු නො කරන නියත දිවුරුමක් දාවිත්ට ශපථ කළේ මෙලෙසිනි: “ඔබගෙන් පැවත එන, ඔබේ ම පුත්රයකු මම ඔබේ සිහසුනේ හිඳුවන්නෙමි; ඔබගේ පුත්රයෝ මගේ ගිවිසුම ද මා ඉගැන් වූ මගේ පනත් ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුතුන් සදහට ම ඔබගේ සිංහාසනය දරනු ඇත.”
ගීතාවලිය 132:10-12 Sinhala Revised Old Version (SROV)
ඔබගේ මෙහෙකරුවූ දාවිත් නිසා ඔබගේ අභිෂේකලත් නැනැත්තාගේ මුහුණ ඉවත් නොකළ මැනව. නුඹේ ශරීර ඵලයෙන් නුඹේ සිංහාසනයෙහි හිඳුවන්නෙමියි කියාද, නුඹේ පුත්රයෝ මාගේ ගිවිසුමද මා ඔවුන්ට උගන්වන ශික්ෂාද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්රයොත් නුඹේ සිංහාසනය පිට සදාකල් හිඳින්නෝය කියාද, ස්වාමීන්වහන්සේ දාවිත්ට සැබෑ ලෙසින් දිවුළසේක; උන්වහන්සේ එයින් නොහැරෙන සේක.
ගීතාවලිය 132:10-12 Sinhala New Revised Version (NRSV)
ඔබේ මෙහෙකරු වූ දාවිත්ට දුන් පොරොන්දුව පරිදි ඔබේ අභිෂේක ලත් තැනැත්තා පිළිකෙව් නොකළ මැනව. සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක: “නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි. නුඹේ පුත්රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,”
ගීතාවලිය 132:10-12 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබේ මෙහෙකරු වූ දාවිත්ට දුන් පොරොන්දුව පරිදි ඔබේ අභිෂේක ලත් තැනැත්තා පිළිකෙව් නොකළ මැනව. සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක: “නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි. නුඹේ පුත්රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,”
ගීතාවලිය 132:10-12 New International Version (NIV)
For the sake of your servant David, do not reject your anointed one. The LORD swore an oath to David, a sure oath he will not revoke: “One of your own descendants I will place on your throne. If your sons keep my covenant and the statutes I teach them, then their sons will sit on your throne for ever and ever.”