ගීතාවලිය 132:10-12

ගීතාවලිය 132:10-12 SNRV

ඔබේ මෙහෙකරු වූ දාවිත්ට දුන් පොරොන්දුව පරිදි ඔබේ අභිෂේක ලත් තැනැත්තා පිළිකෙව් නොකළ මැනව. සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක: “නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි. නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්‍රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,”