ගීතාවලිය 131:1-2
ගීතාවලිය 131:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ හදවත උඩඟු නැත, අහෝ ස්වාමින්වහන්ස, මගේ නෙත් උදාරම් නැත; මහ ලොකු කටයුතු ගැනත්, මට අත පෙවිය නො හැකි බැරෑරුම් දෑ ගැනත්, මා මැදිවන්නේ නැත. මවකගේ උකුළේ සිටිනා කිරි වැරූ දරුවකු මෙන් මම, මා සන්සුන් කර, නිශ්චල කර ගෙන සිටිමි; මා තුළ මගේ ජීවය එබඳු දරුවකු වැන්න.
ගීතාවලිය 131:1-2 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, මාගේ සිත උඩඟු නොවේ, මාගේ ඇස්ද උදාර නොවේ; මහත් කාරණාවලවත් මාගේ පමණට වැඩිවූ මහත් ක්රියාවලවත් මැදි නොවෙමි. සැබවින් මාගේ ආත්මය සනසා නිශ්චලකරගතිමි; කිරිවැරූ ළදරුවෙක් මවු වෙත යම්සේද, මාගේ ආත්මය මා වෙත කිරිවැරූ ළදරුවෙකු මෙන් වේ.
ගීතාවලිය 131:1-2 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, මාගේ සිත තුළ අහංකාරයක් නැත. උදාරම් ලෙස මම ඇස් නොඔසවමි. වඩා උසස් දේ ගැන වත්, මාගේ තරම ඉක්මවා යන දේ ගැන වත් මම කරදර නොවෙමි. ඒ වෙනුවට මම ලද දෙයින් නිහතමානී ව සැනසී සිටිමි. මවු තුරුල්ලේ සංසුන් ව සිටින ළදරුවෙකු සේ මා තුළ මාගේ සිත සංසුන් වී ඇත.
ගීතාවලිය 131:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්ස, මාගේ සිත තුළ අහංකාරයක් නැත. උදාරම් ලෙස මම ඇස් නොඔසවමි. වඩා උසස් දේ ගැන වත්, මාගේ තරම ඉක්මවා යන දේ ගැන වත් මම කරදර නොවෙමි. ඒ වෙනුවට මම ලද දෙයින් නිහතමානී ව සැනසී සිටිමි. මවු තුරුල්ලේ සංසුන් ව සිටින ළදරුවෙකු සේ මා තුළ මාගේ සිත සංසුන් වී ඇත.
ගීතාවලිය 131:1-2 New International Version (NIV)
My heart is not proud, LORD, my eyes are not haughty; I do not concern myself with great matters or things too wonderful for me. But I have calmed and quieted myself, I am like a weaned child with its mother; like a weaned child I am content.