ගීතාවලිය 131
131
ළමයෙකු මෙන් භාරවීම
ආරෝහණ ගීයකි; දාවිත් විසිනි.
1 ස්වාමිනි, මාගේ සිත උඩඟු නොවේ, මාගේ ඇස්ද උදාර නොවේ;
මහත් කාරණාවලවත් මාගේ පමණට වැඩිවූ මහත් ක්‍රියාවලවත් මැදි නොවෙමි.
2සැබවින් මාගේ ආත්මය සනසා නිශ්චලකරගතිමි;
කිරිවැරූ ළදරුවෙක් මවු වෙත යම්සේද, මාගේ ආත්මය මා වෙත කිරිවැරූ ළදරුවෙකු මෙන් වේ.
3එම්බා ඉශ්රායෙල්, මෙතැන් පටන් සදාකල්ම ස්වාමීන් කෙරෙහි බලාපොරොත්තු වෙව.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 131: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society