ගීතාවලිය 130:7-8
ගීතාවලිය 130:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එම්බා ඉශ්රායෙල්, ස්වාමින්වහන්සේ තුළ ඔබේ බලාපොරොත්තු තබන්න; මන්ද, ස්වාමින්වහන්සේ වෙත නොමියෙන ප්‍රේමයක් ඇත්තේ ය. පරිපූර්ණ මිදීම ඇත්තේ ද උන්වහන්සේ වෙත ය. උන්වහන්සේ සියලු පාපවලින් ඉශ්රායෙල් මුදන සේක.
බෙදාගන්න
ගීතාවලිය 130 කියවන්නගීතාවලිය 130:7-8 Sinhala Revised Old Version (SROV)
එම්බා ඉශ්රායෙල්, ස්වාමීන් කෙරෙහි බලාපොරොත්තුවෙව; මක්නිසාද ස්වාමීන් වෙත දයාව ඇත්තේය, උන්වහන්සේ වෙත බොහෝසෙයින් මිදීමද ඇත්තේය. උන්වහන්සේ ඉශ්රායෙල් ඔහුගේ අයුතුකම් සියල්ලෙන් මුදා හරිනසේක.
බෙදාගන්න
ගීතාවලිය 130 කියවන්නගීතාවලිය 130:7-8 Sinhala New Revised Version (NRSV)
එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න. මන්ද, සමිඳුන්ගේ ප්‍රේමය තිරසර ය. ගැළවීම මුළුමනින් ම එතුමන් අතෙහි ය. එතුමාණෝ ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පාප සියල්ලෙන් මුදා හරින සේක.
බෙදාගන්න
ගීතාවලිය 130 කියවන්න