ගීතාවලිය 130

130
ගීතාවලිය 130
ආරෝහණ ගීයකි.
1ගැඹුරේ සිට ඔබට මොර ගසමි මම, අහෝ ස්වාමින්වහන්ස,
2අහෝ ස්වාමිනි, මගේ යැදුම් හඬට කන් දී,
දයාව ඉල්ලන මගේ කන්නලව්වට,
අවධානය යොමු කළ මැනව.
3අහෝ ස්වාමින්වහන්ස, ඔබ අයුතුකම් ගණන් ගත් සේක් නම්,
කෙළින් සිටිය හැක්කේ කවරකුට ද?
4එහෙත් ඔබ වෙත පාප කමාව ඇත්තේ ය.
ඒ, ඔබට භය පක්ෂපාත වන පිණිස ය.
5මම ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටිමි; මගේ ජීවය එසේ බලා සිටියි.
උන්වහන්සේගේ වචනය මත මම බලාපොරොත්තු තබමි.
6පහන් වන තුරු බලා සිටින මුරකරුවනට වඩා,
එළිය වැටෙන තෙක් බලා සිටින මුරකරුවනට වඩා,
මගේ ජීවය ස්වාමින් ගැන බලා සිටියි.
7එම්බා ඉශ්‍රායෙල්, ස්වාමින්වහන්සේ තුළ ඔබේ බලාපොරොත්තු තබන්න;
මන්ද, ස්වාමින්වහන්සේ වෙත නොමියෙන ප්‍රේමයක් ඇත්තේ ය.
පරිපූර්ණ මිදීම ඇත්තේ ද උන්වහන්සේ වෙත ය.
8උන්වහන්සේ සියලු පාපවලින්
ඉශ්‍රායෙල් මුදන සේක.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 130: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න