ගීතාවලිය 130:1-7

ගීතාවලිය 130:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ගැඹුරේ සිට ඔබට මොර ගසමි මම, අහෝ ස්වාමින්වහන්ස, අහෝ ස්වාමිනි, මගේ යැදුම් හඬට කන් දී, දයාව ඉල්ලන මගේ කන්නලව්වට, අවධානය යොමු කළ මැනව. අහෝ ස්වාමින්වහන්ස, ඔබ අයුතුකම් ගණන් ගත් සේක් නම්, කෙළින් සිටිය හැක්කේ කවරකුට ද? එහෙත් ඔබ වෙත පාප කමාව ඇත්තේ ය. ඒ, ඔබට භය පක්ෂපාත වන පිණිස ය. මම ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටිමි; මගේ ජීවය එසේ බලා සිටියි. උන්වහන්සේගේ වචනය මත මම බලාපොරොත්තු තබමි. පහන් වන තුරු බලා සිටින මුරකරුවනට වඩා, එළිය වැටෙන තෙක් බලා සිටින මුරකරුවනට වඩා, මගේ ජීවය ස්වාමින් ගැන බලා සිටියි. එම්බා ඉශ්‍රායෙල්, ස්වාමින්වහන්සේ තුළ ඔබේ බලාපොරොත්තු තබන්න; මන්ද, ස්වාමින්වහන්සේ වෙත නොමියෙන ප්‍රේමයක් ඇත්තේ ය. පරිපූර්ණ මිදීම ඇත්තේ ද උන්වහන්සේ වෙත ය.

ගීතාවලිය 130:1-7 Sinhala Revised Old Version (SROV)

ස්වාමිනි, ගැඹුරු තැන්වල සිට ඔබට මොරගැසීමි. ස්වාමිනි, මාගේ ශබ්දය ඇසුව මැනව. මාගේ කන්නලව් ශබ්දයට ඔබගේ කන් යොමුවේවා. ස්වාමිනි, ඔබ අයුතුකම් ගණනට ගන්නාසේක් නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද? නුමුත් ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය. මම ස්වාමීන් කෙරෙහි බලාසිටිමි, මාගේ ආත්මය බලාසිටින්නේය. උන්වහන්සේගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි. අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, එසේය, අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලා සිටියි. එම්බා ඉශ්‍රායෙල්, ස්වාමීන් කෙරෙහි බලාපොරොත්තුවෙව; මක්නිසාද ස්වාමීන් වෙත දයාව ඇත්තේය, උන්වහන්සේ වෙත බොහෝසෙයින් මිදීමද ඇත්තේය.

ගීතාවලිය 130:1-7 Sinhala New Revised Version (NRSV)

සමිඳුනි, දුක් සයුරේ සිට මම ඔබට මොරගසමි. සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව. සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද? එහෙත්, ඔබ කෙරෙහි ගරුබියෙන් සිටින පිණිස ඔබ අපට කමාව දෙන සේක. මම සමිඳුන්ගේ උපකාරය උදක් ම බලා සිටිමි. එතුමන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තබමි. පහන් වන තුරු බලා සිටින මුරකරුන්ට වඩා, එසේ ය, එළිය වැටෙන තුරු බලා සිටින මුරකරුන්ට වඩා මම සමිඳුන් එන තුරු බලා සිටිමි. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න. මන්ද, සමිඳුන්ගේ ප්‍රේමය තිරසර ය. ගැළවීම මුළුමනින් ම එතුමන් අතෙහි ය.

ගීතාවලිය 130:1-7 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණන් වහන්ස, දුක් සයුරේ සිට මම ඔබට මොරගසමි. සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව. සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද? එහෙත්, ඔබ කෙරෙහි ගරුබියෙන් සිටින පිණිස ඔබ අපට කමාව දෙන සේක. මම සමිඳුන්ගේ උපකාරය උදක් ම බලා සිටිමි. එතුමාණන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තබමි. පහන් වන තුරු බලා සිටින මුරකරුන්ට වඩා, එසේ ය, එළිය වැටෙන තුරු බලා සිටින මුරකරුන්ට වඩා මම සමිඳුන් එන තුරු බලා සිටිමි. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න. මන්ද, සමිඳුන්ගේ ප්‍රේමය තිරසර ය. ගැළවීම මුළුමනින් ම එතුමාණෝ අතෙහි ය.