ගීතාවලිය 119:97-99
ගීතාවලිය 119:97-99 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ ව්‍යවස්ථාවට මම කෙතරම් ප්‍රේම කරම් ද! දවස මුළුල්ලේ මගේ භාවනාව එයයි. ඔබගේ ආඥා මගේ එදිරිවාදීන්ට වඩා මා ප්‍රඥාවත් කරයි. ඒවා හැම වේලේ මා සමඟ ය. මගේ සියලු ගුරුවරුනට වඩා වැඩි අවබෝධය මට ඇත්තේ, මගේ භාවනාව ඔබගේ පනත් වන බැවිනි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:97-99 Sinhala Revised Old Version (SROV)
ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය. ඔබගේ ආඥා මාගේ සතුරන්ට වඩා මා නැණවත්කරයි; මක්නිසාද ඒවා නිතර මා සමඟය. මාගේ සියලු ගුරුවරුන්ට වඩා මට නුවණ ඇත්තේය; මක්නිසාද මාගේ භාවනාව ඔබගේ ශික්ෂා ගැනය.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:97-99 Sinhala New Revised Version (NRSV)
ඔබේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම් ද? එය මාගේ දෛනික භාවනාව වේ. ඔබේ ආඥා නිතර ම මා සමඟ ය. එයින් මාගේ සතුරන්ට වඩා මම පැණවත් වෙමි. මාගේ සියලු ඇදුරන්ට වඩා මට නැණනුවණ ඇත්තේ ය. මාගේ භාවනාව ඔබේ ශික්ෂා ගැන ම ය.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්න