ගීතාවලිය 119:97-99

ගීතාවලිය 119:97-99 SROV

ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය. ඔබගේ ආඥා මාගේ සතුරන්ට වඩා මා නැණවත්කරයි; මක්නිසාද ඒවා නිතර මා සමඟය. මාගේ සියලු ගුරුවරුන්ට වඩා මට නුවණ ඇත්තේය; මක්නිසාද මාගේ භාවනාව ඔබගේ ශික්ෂා ගැනය.