ගීතාවලිය 118:5-7 - Compare All Versions

ගීතාවලිය 118:5-7 SROV (Sinhala Revised Old Version)

මාගේ විපත්තියේදී ස්වාමීන්ට යාච්ඤාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්, නිදහස් තැනක මා සිටෙවුසේක. ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද? මට උපකාරකරන්නන් අතරෙහි ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය. එබැවින් මට වෛරවන්නන්ට මාගේ ආශාව සිද්ධවෙනවා දකින්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 118 SROV

ගීතාවලිය 118:5-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මගේ විපත්තියේදී ස්වාමින්වහන්සේට මම කන්නලව් කළෙමි; උන්වහන්සේ ඊට ප්‍රතිචාර දක්වමින්, නිදහස් තැනක මා තැබූ සේක. ස්වාමින්වහන්සේ මා සමඟ බැවින් මම බය නො වන්නෙමි; මිනිසා මට කුමක් කරන්න ද? ස්වාමින්වහන්සේ මා පසෙක ය; උන්වහන්සේ මගේ සහායකයාණන් ය. මා මගේ සතුරන් දෙස බලන්නේ ජයග්‍රාහී බැල්මෙනි.

බෙදාගන්න
ගීතාවලිය 118 SCV

ගීතාවලිය 118:5-7 NRSV (Sinhala New Revised Version)

මාගේ විපතේ දී සමිඳුන්ට යාච්ඤා කෙළෙමි. සමිඳාණෝ මට පිළිතුරු දෙමින් මා නිදහස් කළ සේක. සමිඳුන් මාගේ පැත්තට සිටින බැවින් මම බිය නොවන්නෙමි. මට හානි කිරීමට කිසිවෙකුට හැකි ද? සමිඳාණෝ මාගේ පැත්තෙහි ය; මාගේ උපකාරකයාණෝ ය. එබැවින්, වෛර කරන්නන්ගේ පරාජය මම දකින්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 118 NRSV

ගීතාවලිය 118:5-7 SNRV (Sinhala New Revised Version 2018)

මාගේ විපතේ දී සමිඳුන්ට යාච්ඤා කෙළෙමි. සමිඳාණෝ මට පිළිතුරු දෙමින් මා නිදහස් කළ සේක. සමිඳුන් මාගේ පැත්තට සිටින බැවින් මම බිය නොවන්නෙමි. මට හානි කිරීමට කිසිවෙකුට හැකි ද? සමිඳාණෝ මාගේ පැත්තෙහි ය; මාගේ උපකාරකයාණෝ ය. එබැවින්, වෛර කරන්නන්ගේ පරාජය මම දකින්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 118 SNRV

ගීතාවලිය 118:5-7 NIV (New International Version)

When hard pressed, I cried to the LORD; he brought me into a spacious place. The LORD is with me; I will not be afraid. What can mere mortals do to me? The LORD is with me; he is my helper. I look in triumph on my enemies.

බෙදාගන්න
ගීතාවලිය 118 NIV