ගීතාවලිය 116:4-9
ගීතාවලිය 116:4-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මම ස්වාමින්වහන්සේගේ නාමයට හඬ ගැසීමි: “අහෝ ස්වාමින්වහන්ස, මා ගැලෙවුව මැනව!” ස්වාමින්වහන්සේ දයාන්විත ය; ධර්මිෂ්ඨ ය; අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ ය. ස්වාමින්වහන්සේ අව්‍යාජ සිතැත්තන් සුරකින සේක; මා දැඩි අසීරුතාවකට පත් අවස්ථාවේ, උන්වහන්සේ ඉන් මා ගැලවූ සේක. එම්බා මගේ ජීවය, යළිත් වරක් සැනසී සිටින්න; මන්ද ස්වාමින්වහන්සේ නුඹට ගුණවත් ය. මන්ද ඔබවහන්සේ, අහෝ ස්වාමින්වහන්සේ මගේ ජීවය මරණයෙන් ද මගේ ඇස් කඳුළින් ද මගේ පා පැකිළීමෙන් ද මිදූ සේක. ජීවතුන්ගේ දේශයේ මම, ස්වාමින්වහන්සේ ඉදිරියේ හැසිරෙන්නෙමි.
ගීතාවලිය 116:4-9 Sinhala Revised Old Version (SROV)
එවිට මම ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: ස්වාමිනි, මාගේ ප්‍රාණය මිදුව මැනවයි කීයෙමි. ස්වාමීන්වහන්සේ දයාවන්තය, ධර්මිෂ්ඨය; එසේය, අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තය. ස්වාමීන්වහන්සේ යටහතුන් ආරක්ෂාකරනසේක. මම පහත්කරනු ලැබීමි, උන්වහන්සේ මා ගළවාගත්සේක. මාගේ ආත්මය, තාගේ නිවාඩුවට හැරී යව; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹට බොහෝසේ යහපත්කම් කළසේක. මක්නිසාද ඔබවහන්සේ මාගේ ආත්මය මරණයෙන්ද මාගේ ඇස් කඳුළෙන්ද මාගේ පාද පැකිලීමෙන්ද ගැළවූසේක. ජීවතුන්ගේ දේශයෙහි ස්වාමීන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.
ගීතාවලිය 116:4-9 Sinhala New Revised Version (NRSV)
එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; “සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි. සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය. සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක. මාගේ සිත, යළි සන්සුන් වන්න. මන්ද, සමිඳාණෝ ඔබට බොහෝ සේ යහපත්කම් කළ සේක. එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක. එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.
ගීතාවලිය 116:4-9 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; “සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි. සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය. සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක. මාගේ සිත, යළි සන්සුන් වන්න. මන්ද, සමිඳාණෝ ඔබට බොහෝ සේ යහපත්කම් කළ සේක. එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක. එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.
ගීතාවලිය 116:4-9 New International Version (NIV)
Then I called on the name of the LORD: “LORD, save me!” The LORD is gracious and righteous; our God is full of compassion. The LORD protects the unwary; when I was brought low, he saved me. Return to your rest, my soul, for the LORD has been good to you. For you, LORD, have delivered me from death, my eyes from tears, my feet from stumbling, that I may walk before the LORD in the land of the living.