ගීතාවලිය 116:1-6
ගීතාවලිය 116:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ස්වාමින්වහන්සේට ප්‍රේම කරමි; මන්ද උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක; දයාව ඉල්ලා කළ මගේ කන්නලව්ව ඇසූ සේක. උන්වහන්සේ මා දෙසට තම කන් යොමු කළ බැවින් දිවි ඇති තුරා මම උන්වහන්සේට යාච්ඤා කරන්නෙමි. මරණයේ රැහැන්, මා වෙළා ගත්තේ ය, මළවුන්ගේ ලොවේ සෝ-සන්තාපය, මා පිට පැටවිණ; විපත්තිය හා ශෝකය, මා යට කර ගති. එවිට මම ස්වාමින්වහන්සේගේ නාමයට හඬ ගැසීමි: “අහෝ ස්වාමින්වහන්ස, මා ගැලෙවුව මැනව!” ස්වාමින්වහන්සේ දයාන්විත ය; ධර්මිෂ්ඨ ය; අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ ය. ස්වාමින්වහන්සේ අව්‍යාජ සිතැත්තන් සුරකින සේක; මා දැඩි අසීරුතාවකට පත් අවස්ථාවේ, උන්වහන්සේ ඉන් මා ගැලවූ සේක.
ගීතාවලිය 116:1-6 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ට ප්‍රේමකරමි, මක්නිසාද උන්වහන්සේ මාගේ ශබ්දයද මාගේ කන්නලව්වද ඇසූසේක. උන්වහන්සේ මා දෙසට කන් නැමූ බැවින් ජීවත්ව සිටින තෙක් මම උන්වහන්සේට යාච්ඤාකරන්නෙමි. මරණයේ රැහැනෙන් වටකරනු ලැබීමි, ෂෙයෝලේ වේදනා මා අල්වාගත්තේය. විපත හා දුක මට පැමුණුණේය. එවිට මම ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: ස්වාමිනි, මාගේ ප්‍රාණය මිදුව මැනවයි කීයෙමි. ස්වාමීන්වහන්සේ දයාවන්තය, ධර්මිෂ්ඨය; එසේය, අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තය. ස්වාමීන්වහන්සේ යටහතුන් ආරක්ෂාකරනසේක. මම පහත්කරනු ලැබීමි, උන්වහන්සේ මා ගළවාගත්සේක.
ගීතාවලිය 116:1-6 Sinhala New Revised Version (NRSV)
සමිඳුන්ට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක. එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමන්ට යාච්ඤා කරන්නෙමි. මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය. එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; “සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි. සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය. සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක.
ගීතාවලිය 116:1-6 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක. එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමාණන්ට යාච්ඤා කරන්නෙමි. මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය. එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; “සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි. සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය. සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක.
ගීතාවලිය 116:1-6 New International Version (NIV)
I love the LORD, for he heard my voice; he heard my cry for mercy. Because he turned his ear to me, I will call on him as long as I live. The cords of death entangled me, the anguish of the grave came over me; I was overcome by distress and sorrow. Then I called on the name of the LORD: “LORD, save me!” The LORD is gracious and righteous; our God is full of compassion. The LORD protects the unwary; when I was brought low, he saved me.