ගීතාවලිය 115:2-9 - Compare All Versions

ගීතාවලිය 115:2-9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“කෝ! කොහේ ද ඔවුන්ගේ දෙවියන්වහන්සේ” යි පිට ජාතීන් පවසන්නේ මන්ද? අපේ දෙවියන්වහන්සේ ස්වර්ගයේ ය; තමන්ට රිසි දේ උන්වහන්සේ කරන සේක. එහෙත් ඔවුන්ගේ දේවතා රූප රිදී හා රන් පිළිම ය; ඒවා මිනිසුන්ගේ අත්වල නිමැවුම් ය. ඒවාට කටවල් ඇත, එහෙත් කතා බැරි ය; ඇස් ඇත, එහෙත් පෙනෙන්නේ නැත. ඒවාට කන් ඇත, එහෙත් ඇහෙන්නේ නැත; නාසා ඇත, එහෙත් ගඳ-සුවඳ නො දැනේ. ඒවාට අත් ඇත, එහෙත් ඒවායින් කිසිවක් අල්ලන්නට බැරි ය; ඒවාට පා ඇත, එහෙත් ඇවිදින්නට නො හැක. උගුරින් යම් හඬක් නගන්නට ද ඔවුනට බැරි ය. ඒවා සාදන්නෝ ද ඔවුන් වගේ වෙති; ඒ පිළිම අදහන්නෝ ද ඒවා මෙන් වෙති. එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න; මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය.

බෙදාගන්න
ගීතාවලිය 115 SCV

ගීතාවලිය 115:2-9 SROV (Sinhala Revised Old Version)

ඔවුන්ගේ දෙවියෝ දැන් කොතැන්හිදැයි ජාතීන් විසින් කියන්ට ඉඩදෙන්නේ මන්ද? එහෙත් අපේ දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය. උන්වහන්සේ කැමති කොයි දෙයක් නුමුත් කළසේක. ඔවුන්ගේ දේවතා රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්තයෝය. ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති; කන් ඇත, එහෙත් නොඅසති; නාස් ඇත, එහෙත් ගඳ සුවඳ නොදනිති; අත් ඇත, එහෙත් නාල්ලති; පා ඇත, එහෙත් නොඇවිදිති; උගුරෙන් කථා නොකෙරෙති. ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාස තබන සියල්ලොත් ඒවාට සමානවන්නෝය. එම්බා ඉශ්‍රායෙල්, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.

බෙදාගන්න
ගීතාවලිය 115 SROV

ගීතාවලිය 115:2-9 NRSV (Sinhala New Revised Version)

“ඔවුන්ගේ දෙවිඳාණෝ දැන් කොතැන්හි දැ”යි ජාතීන්ට අසන්න ඉඩ දෙන්නේ කුමට ද? අපේ දෙවි තුමාණෝ ස්වර්ගයේ ය; තමන් කැමැති කුමන දෙයක් වුවත් එතුමාණෝ කරන සේක. ඔවුන්ගේ දේවතා රූප රිදීයෙන් හා රනින් ය; මිනිසුන්ගේ දෑතේ වැඩ ය. ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි; ඇස් ඇත, එහෙත්, නොදකියි; කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් ඇත, එහෙත්, ගඳ සුවඳ නොදැනෙයි; ඒවාට දෑත ඇත, එහෙත්, ස්පර්ශ නොකරයි; පාද ඇත, එහෙත්, නොඇවිදියි; උගුරෙන් ශබ්ද නොකරයි. ඔවුන් සාදන්නෝ ඔවුන් වාගේ ම ය; ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේ ම ය. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.

බෙදාගන්න
ගීතාවලිය 115 NRSV

ගීතාවලිය 115:2-9 SNRV (Sinhala New Revised Version 2018)

“ඔවුන්ගේ දෙවිඳාණෝ දැන් කොතැන්හි දැ”යි ජාතීන්ට අසන්න ඉඩ දෙන්නේ කුමට ද? අපේ දෙවි තුමාණෝ ස්වර්ගයේ ය; තමන් කැමැති කුමන දෙයක් වුවත් එතුමාණෝ කරන සේක. ඔවුන්ගේ දේවතා රූප රිදීයෙන් හා රනින් ය; මිනිසුන්ගේ දෑතේ වැඩ ය. ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි; ඇස් ඇත, එහෙත්, නොදකියි; කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් ඇත, එහෙත්, ගඳ සුවඳ නොදැනෙයි; ඒවාට දෑත ඇත, එහෙත්, ස්පර්ශ නොකරයි; පාද ඇත, එහෙත්, නොඇවිදියි; උගුරෙන් ශබ්ද නොකරයි. ඔවුන් සාදන්නෝ ඔවුන් වාගේ ම ය; ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේ ම ය. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.

බෙදාගන්න
ගීතාවලිය 115 SNRV

ගීතාවලිය 115:2-9 NIV (New International Version)

Why do the nations say, “Where is their God?” Our God is in heaven; he does whatever pleases him. But their idols are silver and gold, made by human hands. They have mouths, but cannot speak, eyes, but cannot see. They have ears, but cannot hear, noses, but cannot smell. They have hands, but cannot feel, feet, but cannot walk, nor can they utter a sound with their throats. Those who make them will be like them, and so will all who trust in them. All you Israelites, trust in the LORD— he is their help and shield.

බෙදාගන්න
ගීතාවලිය 115 NIV