ගීතාවලිය 112:7-10
ගීතාවලිය 112:7-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අශුභ ආරංචි ගැන බයක් ඔහුට ඇති නො වේ; ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන ඔහුගේ හද ස්ථිර ය. ඔහුගේ හද සුරක්ෂිත ය; ඔහුට බියක්, සැකයක් නැත. අවසානයේදී ඔහු තම සතුරන් පරදා, ජය ගන්නේ ය. ඔහු නො මසුරු ව දිළිඳුනට බෙදා දුන්නේ ය. ඔහුගේ දමිටුකම සදහට පවත්නේ ය. ඔහුගේ උදාරත්වය, ගෞරවයෙන් යුතු ව උසස් කෙරේ. දුෂ්ට මිනිසා ඒ දැක කෝප ගන්නේ ය. ඔහු දත්මිටි කමින් සිට, ක්ෂය වී යන්නේ ය. දුෂ්ටයින්ගේ ආශාවන් ඉෂ්ට නො වී, පහව යයි.
ගීතාවලිය 112:7-10 Sinhala Revised Old Version (SROV)
ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ. ඔහුගේ සිත සවිව තිබේ, තමා කැමති ලෙස එදිරිකාරයන්ට සිදුවෙනවා දකිනතුරු ඔහු භය නොවන්නේය. ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය. දුෂ්ටයා ඒ දැක ශෝකවන්නේය; ඔහු දත්මිටිකා පහව යන්නේය. දුෂ්ටයන්ගේ ආශාව ඉෂ්ට නොවන්නේය.
ගීතාවලිය 112:7-10 Sinhala New Revised Version (NRSV)
ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේ ය. ඔහුගේ ඇදහිල්ල ස්ථිර ය. ඔහු සමිඳුන් විශ්වාස කරන්නේ ය. ඔහුගේ සිත සවිමත් ය; ඔහු බිය නොවන්නේ ය. සිය සතුරන්ගේ පරාජය දක්නට ලැබෙන බව ඔහුට ඒකාන්ත ය. ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය; ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය; ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය. දුෂ්ටයා ඒ දැන කෝප වන්නේ ය; ඔහු දත්මිටි කා වැහැරී යන්නේ ය; දුදනන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේ ය.
ගීතාවලිය 112:7-10 Sinhala New Revised Version 2018 (SNRV)
ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේ ය. ඔහුගේ ඇදහිල්ල ස්ථිර ය. ඔහු සමිඳුන් විශ්වාස කරන්නේ ය. ඔහුගේ සිත සවිමත් ය; ඔහු බිය නොවන්නේ ය. සිය සතුරන්ගේ පරාජය දක්නට ලැබෙන බව ඔහුට ඒකාන්ත ය. ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය; ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය; ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය. දුෂ්ටයා ඒ දැන කෝප වන්නේ ය; ඔහු දත්මිටි කා වැහැරී යන්නේ ය; දුදනන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේ ය.
ගීතාවලිය 112:7-10 New International Version (NIV)
They will have no fear of bad news; their hearts are steadfast, trusting in the LORD. Their hearts are secure, they will have no fear; in the end they will look in triumph on their foes. They have freely scattered their gifts to the poor, their righteousness endures forever; their horn will be lifted high in honor. The wicked will see and be vexed, they will gnash their teeth and waste away; the longings of the wicked will come to nothing.