ගීතාවලිය 112
112
දැහැමියන්ගේ වාසනාව
1සමිඳුන් පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය.
2ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේ ය.
දැහැමි පරපුර ආසිරි ලබන්නේ ය.
3සම්පත ද වස්තුව ද ඔහුගේ නිවෙසෙහි ඇත්තේ ය.
ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය.
4සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය;
ඔහු දයාවන්ත ය;
සානුකම්පිත ය;
දැහැමි ය.
5දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ;
ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය.
6මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය.
ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය.
7ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේ ය.
ඔහුගේ ඇදහිල්ල ස්ථිර ය.
ඔහු සමිඳුන් විශ්වාස කරන්නේ ය.
8ඔහුගේ සිත සවිමත් ය;
ඔහු බිය නොවන්නේ ය.
සිය සතුරන්ගේ පරාජය දක්නට ලැබෙන බව ඔහුට ඒකාන්ත ය.
9 #
2 කොරි 9:9
ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය;
ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය;
ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය.
10දුෂ්ටයා ඒ දැන කෝප වන්නේ ය;
ඔහු දත්මිටි කා වැහැරී යන්නේ ය;
දුදනන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේ ය.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 112: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society