ගීතාවලිය 112:4-6
ගීතාවලිය 112:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අඳුරේ වුව ද, අවංක මිනිසාට එළිය උදාවන්නේ ය; ඔහු කාරුණික ය; අනුකම්පා සහගත ය. ධර්මිෂ්ඨ ය. ත්‍යාගශීලී වූත්, නො මසුරු ව ණයට දෙන්නා වූත්, තම කටයුතු යුක්ති ගරුක ව හසුරුවන්නා වූත් තැනැත්තාට සෙත සැලසේ; කිසි කලෙක ඔහු සෙලවෙන්නේ නැත; දමිටු මිනිසා ගැන මතකය සදා පවතී.
ගීතාවලිය 112:4-6 Sinhala Revised Old Version (SROV)
සත්පුරුෂයාට අන්ධකාරයෙහිදී ආලෝකය උදාවේ. ඔහු දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය, ධර්මිෂ්ඨය. කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභ සිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය. මක්නිසාද ඔහු කිසි කලෙකත් නොසෙල්වන්නේය; ධර්මිෂ්ඨයා සදාකල්ම සිහිකරනු ලබන්නේය.
ගීතාවලිය 112:4-6 Sinhala New Revised Version (NRSV)
සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය; ඔහු දයාවන්ත ය; සානුකම්පිත ය; දැහැමි ය. දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය. මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය. ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය.
ගීතාවලිය 112:4-6 Sinhala New Revised Version 2018 (SNRV)
සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය; ඔහු දයාවන්ත ය; සානුකම්පිත ය; දැහැමි ය. දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය. මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය. ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය.
ගීතාවලිය 112:4-6 New International Version (NIV)
Even in darkness light dawns for the upright, for those who are gracious and compassionate and righteous. Good will come to those who are generous and lend freely, who conduct their affairs with justice. Surely the righteous will never be shaken; they will be remembered forever.