ගීතාවලිය 112:1-5
ගීතාවලිය 112:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේට භය පක්ෂපාත මිනිසා, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ප්‍රීති වන්නා, භාග්‍යවත් ය. ඔහුගෙන් පැවත එන්නෝ දේශයෙහි බලවත් වන්නෝ ය; අවංක මිනිසාගේ පරම්පරාව ආශිර්වාද ලබන්නේ ය. සම්පත් ද ධනය ද ඔහුගේ නිවස තුළ වන්නේ ය; ඔහුගේ දමිටුකම සදහට ම පවත්නේ ය. අඳුරේ වුව ද, අවංක මිනිසාට එළිය උදාවන්නේ ය; ඔහු කාරුණික ය; අනුකම්පා සහගත ය. ධර්මිෂ්ඨ ය. ත්‍යාගශීලී වූත්, නො මසුරු ව ණයට දෙන්නා වූත්, තම කටයුතු යුක්ති ගරුක ව හසුරුවන්නා වූත් තැනැත්තාට සෙත සැලසේ
ගීතාවලිය 112:1-5 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා පිනැත්තේය. ඔහුගේ වංශය පොළොවෙහි බලවත්වන්නේය. අවංකයන්ගේ පරම්පරාව ආශීර්වාද ලබන්නේය. සම්පත්ද වස්තුද ඔහුගේ ගෙයි ඇත්තාහ. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. සත්පුරුෂයාට අන්ධකාරයෙහිදී ආලෝකය උදාවේ. ඔහු දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය, ධර්මිෂ්ඨය. කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභ සිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය.
ගීතාවලිය 112:1-5 Sinhala New Revised Version (NRSV)
සමිඳුන් පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය. ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේ ය. දැහැමි පරපුර ආසිරි ලබන්නේ ය. සම්පත ද වස්තුව ද ඔහුගේ නිවෙසෙහි ඇත්තේ ය. ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය. සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය; ඔහු දයාවන්ත ය; සානුකම්පිත ය; දැහැමි ය. දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය.
ගීතාවලිය 112:1-5 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමාණන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය. ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේ ය. දැහැමි පරපුර ආසිරි ලබන්නේ ය. සම්පත ද වස්තුව ද ඔහුගේ නිවෙසෙහි ඇත්තේ ය. ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය. සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය; ඔහු දයාවන්ත ය; සානුකම්පිත ය; දැහැමි ය. දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය.
ගීතාවලිය 112:1-5 New International Version (NIV)
Praise the LORD. Blessed are those who fear the LORD, who find great delight in his commands. Their children will be mighty in the land; the generation of the upright will be blessed. Wealth and riches are in their houses, and their righteousness endures forever. Even in darkness light dawns for the upright, for those who are gracious and compassionate and righteous. Good will come to those who are generous and lend freely, who conduct their affairs with justice.