ගීතාවලිය 103:8-10
ගීතාවලිය 103:8-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ අනුකම්පා සහගත ය, දයාන්විත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය. උන්වහන්සේ හැම විට දෝෂාරෝපණ කරන්නේ නැත, ස්වකීය කෝපය සදහට තබා ගන්නේ නැත; අපේ පාපවලට දිය යුතු පරිදි, උන්වහන්සේ අපට දඬුවම් කළේ නැත; අපේ අයුතුකම්වලට සුදුසු අනිටු විපාක දුන්නේ ද නැත.
ගීතාවලිය 103:8-10 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටිනසේක, කෝපවීමට ප්‍රමාදය, අතිශයින් කරුණාවන්තය. උන්වහන්සේ නිතර තරවටු නොකරනසේක; සදාකාලයට කෝපය නොපවත්වන සේක, උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක.
ගීතාවලිය 103:8-10 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය; නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය. එතුමාණෝ නිතර තරවටු නොකරන සේක; සදහට ම සිතෙහි කෝපය තබා නොගන්න සේක. එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක; අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක.
ගීතාවලිය 103:8-10 Sinhala New Revised Version 2018 (SNRV)