ගීතාවලිය 103:2-5
ගීතාවලිය 103:2-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ පසසන්න; මගේ එම්බා ජීවය, උන්වහන්සේගෙන් ලද පල ප්‍රයෝජන අමතක නො කරන්න. ඔබේ සියලු අයුතුකම් කමා කරන්නේ ද ඔබේ සියලු රෝග සුව කරන්නේ ද උන්වහන්සේ ය; ඔබේ ජීවිතය නරාවළෙන් මුදන්නේ ද නොමියෙන ප්‍රේමයේ හා දයාවේ කිරුළ මට පලඳවන්නේ ද උන්වහන්සේ ය; රාජාලියකුගේ සේ ඔබේ යෞවනය යළි පුබුදන පිණිස, යහ දෙයින් ඔබගේ ආශා ඉටු කර දෙන්නේ ද උන්වහන්සේ ය.
ගීතාවලිය 103:2-5 Sinhala Revised Old Version (SROV)
මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව. උන්වහන්සේ නුඹේ සියලු අයුතුකම් කමාකරනසේක; නුඹේ සියලු රෝග සුවකරනසේක; නුඹේ ජීවිතය විනාශයෙන් මුදා කරුණාගුණය හා දයාව නමැති ඔටුන්නෙන් නුඹ සරසනසේක. රාජාලියෙකු මෙන් ඔබගේ යෞවනකම අලුත්වන පිණිස උන්වහන්සේ ඔබගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක.
ගීතාවලිය 103:2-5 Sinhala New Revised Version (NRSV)
මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක; මාගේ සියලු රෝග සුව කරන සේක. මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක; ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක. රාජාලියෙකුගේ මෙන් මාගේ යොවුන් බව අලුත් කරන පිණිස, දිවි ඇති තාක් මා යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක.
ගීතාවලිය 103:2-5 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමාණන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක; මාගේ සියලු රෝග සුව කරන සේක. මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක; ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක. රාජාලියෙකුගේ මෙන් මාගේ යොවුන් බව අලුත් කරන පිණිස, දිවි ඇති තාක් මා යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක.
ගීතාවලිය 103:2-5 New International Version (NIV)
Praise the LORD, my soul, and forget not all his benefits— who forgives all your sins and heals all your diseases, who redeems your life from the pit and crowns you with love and compassion, who satisfies your desires with good things so that your youth is renewed like the eagle’s.