ගීතාවලිය 103:1-4
ගීතාවලිය 103:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න; මා ය කියන සියල්ල උන්වහන්සේගේ ශුද්ධ නාමයට පැසසුම් දෙත්වා. ස්වාමින්වහන්සේ පසසන්න; මගේ එම්බා ජීවය, උන්වහන්සේගෙන් ලද පල ප්‍රයෝජන අමතක නො කරන්න. ඔබේ සියලු අයුතුකම් කමා කරන්නේ ද ඔබේ සියලු රෝග සුව කරන්නේ ද උන්වහන්සේ ය; ඔබේ ජීවිතය නරාවළෙන් මුදන්නේ ද නොමියෙන ප්‍රේමයේ හා දයාවේ කිරුළ මට පලඳවන්නේ ද උන්වහන්සේ ය
ගීතාවලිය 103:1-4 Sinhala Revised Old Version (SROV)
මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව; මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව. උන්වහන්සේ නුඹේ සියලු අයුතුකම් කමාකරනසේක; නුඹේ සියලු රෝග සුවකරනසේක; නුඹේ ජීවිතය විනාශයෙන් මුදා කරුණාගුණය හා දයාව නමැති ඔටුන්නෙන් නුඹ සරසනසේක.
ගීතාවලිය 103:1-4 Sinhala New Revised Version (NRSV)
මාගේ සිත, සමිඳුන් පසසන්න; හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක; මාගේ සියලු රෝග සුව කරන සේක. මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක; ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක.
ගීතාවලිය 103:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ සිත, සමිඳාණන් වහන්සේ පසසන්න; හද පත්ලෙන් ම එතුමාණන්ගේ ශුද්ධ නම පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමාණන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක; මාගේ සියලු රෝග සුව කරන සේක. මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක; ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක.
ගීතාවලිය 103:1-4 New International Version (NIV)
Praise the LORD, my soul; all my inmost being, praise his holy name. Praise the LORD, my soul, and forget not all his benefits— who forgives all your sins and heals all your diseases, who redeems your life from the pit and crowns you with love and compassion