හිතෝපදේශ 9:9-12 - Compare All Versions
හිතෝපදේශ 9:9-12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ප්‍රඥාවතකුට ගුරුහරුකම් දෙන්න, ඔහු තවත් ප්‍රඥාවත් වෙයි. දැහැමි කෙනකුට යමක් කියා දෙන්න, ඔහු තම දැනුම වැඩි කර ගනී. ස්වාමින්වහන්සේට භයවීම, ප්‍රඥාවේ පටන් ගැන්ම ය. ශුද්ධ වූ තැනැත්තාණන් දැන-හැඳිනගැනීම, අවබෝධය ය. මන්ද මා මගින් ඔබේ ජීවිත දවස් බොහෝ වෙයි, ඔබේ ජීවිත කාලයට තවත් අවුරුදු එකතු කෙරේ. ඔබ ප්‍රඥාවත් නම්, ඒ ප්‍රඥාව ඔබට ඉටු විපාක ගෙනේ; ඔබ අවමන්කරන්නකු නම් එහි අනිටු විපාකය තනිකර ඔබගේ ය.
හිතෝපදේශ 9:9-12 SROV (Sinhala Revised Old Version)
ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න, ඔහු වඩා ඥානවන්තවන්නේය. ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න, ඔහු ඉගෙනගැන්මෙහි දියුණුවන්නේය. ප්‍රඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමය. ශුද්ධ තැනැන්වහන්සේ දැනගැනීම නුවණ වේ. මක්නිසාද මා කරණකොටගෙන නුඹේ දවස් වැඩිවෙයි, ජීවිතයේ අවුරුදුද නුඹට එකතුකරනු ලැබේ. නුඹ ඥානවන්ත නම්, නුඹ ඥානවන්තවන්නේ නුඹ උදෙසාය. නුඹ නින්දාකරන්නෙහි නම්, නුඹම එය ඉවසන්නෙහිය.
හිතෝපදේශ 9:9-12 NRSV (Sinhala New Revised Version)
බුද්ධිමතෙකුට අනුශාසනා කරන්න, ඔහු තවත් බුද්ධිමත් වෙයි. දැහැමියෙකුට උගන්වන්න, ඔහුගේ දැනුම තවත් දියුණු වෙයි. දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර වේ, ශුද්ධ දෙවිඳුන් ගැන දැනුම නැණනුවණ වේ. ප්‍රඥා වරමින් ඔබේ කාලය දික් වී, ඔබ දිගායු වළඳනු ඇත. ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය; ඔබ ඥානය ප්‍රතික්ෂේප කළොත්, ඉන් වන අවාසියත් ඔබට ම ය.
හිතෝපදේශ 9:9-12 SNRV (Sinhala New Revised Version 2018)
බුද්ධිමතෙකුට අනුශාසනා කරන්න, ඔහු තවත් බුද්ධිමත් වෙයි. දැහැමියෙකුට උගන්වන්න, ඔහුගේ දැනුම තවත් දියුණු වෙයි. දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර වේ, ශුද්ධ දෙවිඳුන් ගැන දැනුම නැණනුවණ වේ. ප්‍රඥා වරමින් ඔබේ කාලය දික් වී, ඔබ දිගායු වළඳනු ඇත. ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය; ඔබ ඥානය ප්‍රතික්ෂේප කළොත්, ඉන් වන අවාසියත් ඔබට ම ය.
හිතෝපදේශ 9:9-12 NIV (New International Version)
Instruct the wise and they will be wiser still; teach the righteous and they will add to their learning. The fear of the LORD is the beginning of wisdom, and knowledge of the Holy One is understanding. For through wisdom your days will be many, and years will be added to your life. If you are wise, your wisdom will reward you; if you are a mocker, you alone will suffer.