හිතෝපදේශ 8:27-31 - Compare All Versions

හිතෝපදේශ 8:27-31 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උන්වහන්සේ අහස ස්ථානගත කරන කල, උන්වහන්සේ ගැඹුර මතු පිට ක්ෂිතිජය සලකුණු කරන කල මම එහි සිටියෙමි. උන්වහන්සේ ඉහළ අහසේ වලාකුළු පිහිටු වන කල, ගැඹුරේ ජල උල්පත් සවි කරන කල, මුහුදු ජලය උන්වහන්සේගේ අණ ඉක්මවා ගලා නො යන ලෙස උන්වහන්සේ මුහුදේ මායිම නියම කරන කල, උන්වහන්සේ පොළොවේ අත්තිවාරම් ලකුණු කරන කල මම එහි සිටියෙමි. එකල මම උන්වහන්සේ ළඟ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ව සිටියෙමි, උන්වහන්සේ ඉදිරියෙහි මා නිති සතුටින් දිනෙන් දින සොම්නසින් පුරවනු ලබමින් සිටියේ, මුළු ලොව ම සොම්නසට හරවමින්, මිනිස් වර්ගයා සතුටට පත් කරමිනි.

බෙදාගන්න
හිතෝපදේශ 8 SCV

හිතෝපදේශ 8:27-31 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ ස්වර්ගයන් පිහිටෙවු කල එහි සිටියෙමි. උන්වහන්සේ ගැඹුර මතුයෙහි චක්‍රයක් ඇන්ද කලද, ඉහළින් අහස පිහිටෙවු කලද, ගැඹුරේ උල්පත් සවිවූ කලද, මුහුදේ ජලය එහි ඉම පසුකර නේන ලෙස උන්වහන්සේ මායිම් තැබූ කලද, පොළොවේ අත්තිවාරම් ලකුණුකළ කලද, මම උන්වහන්සේ වෙත ප්‍රධාන කර්මාන්තකාරයාව සිටියෙමි; සෑමකල්හිම උන්වහන්සේ ඉදිරියෙහි නිතර සන්තෝෂවෙමින්, දවසින් දවස උන්වහන්සේගේ ප්‍රීතිය වීමි. උන්වහන්සේගේ වාසයට යෝග්‍යවූ ලෝකය ගැන සන්තෝෂවෙමින්, මනුෂ්‍ය පුත්‍රයන් සමීපයෙහි ප්‍රීතිවුණෙමි.

බෙදාගන්න
හිතෝපදේශ 8 SROV

හිතෝපදේශ 8:27-31 NRSV (Sinhala New Revised Version)

සමිඳාණන් අහස් කුස පිහිටෙවු කල ද, මම එහි සිටියෙමි. එතුමන් මුහුද මත නිම් වළල්ල තබන විට, ඉහළ අහසෙහි වලාකුළු පිහිටුවන විට, සත් සමුදුර උල්පත් සවි කරන විට, මුහුදු ජලය එහි සීමා පසු කර නොබිඳී යන සේ, මායිම් තබන විට, පොළොවේ පදනම් සලකුණු කරන විට මම එහි සිටියෙමි. මම එතුමන්ගේ නිර්මාණ ශිල්පියෙකු මෙන් ළඟ සිටියෙමි. නිරතුරු එතුමන් අබිමුව ප්‍රමුදිත වෙමින්, දිනෙන් දින එතුමන්ගේ ප්‍රීතිය වූයෙමි. එතුමන් මවා නිම කළ ලොවෙහි ලෝවැසියන් සමග සන්තෝෂ වූයෙමි.

බෙදාගන්න
හිතෝපදේශ 8 NRSV

හිතෝපදේශ 8:27-31 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණන් අහස් කුස පිහිටෙවු කල ද, මම එහි සිටියෙමි. එතුමන් මුහුද මත නිම් වළල්ල තබන විට, ඉහළ අහසෙහි වලාකුළු පිහිටුවන විට, සත් සමුදුර උල්පත් සවි කරන විට, මුහුදු ජලය එහි සීමා පසු කර නොබිඳී යන සේ, මායිම් තබන විට, පොළොවේ පදනම් සලකුණු කරන විට මම එහි සිටියෙමි. මම එතුමන්ගේ නිර්මාණ ශිල්පියෙකු මෙන් ළඟ සිටියෙමි. නිරතුරු එතුමන් අබිමුව ප්‍රමුදිත වෙමින්, දිනෙන් දින එතුමන්ගේ ප්‍රීතිය වූයෙමි. එතුමන් මවා නිම කළ ලොවෙහි ලෝවැසියන් සමග සන්තෝෂ වූයෙමි.

බෙදාගන්න
හිතෝපදේශ 8 SNRV

හිතෝපදේශ 8:27-31 NIV (New International Version)

I was there when he set the heavens in place, when he marked out the horizon on the face of the deep, when he established the clouds above and fixed securely the fountains of the deep, when he gave the sea its boundary so the waters would not overstep his command, and when he marked out the foundations of the earth. Then I was constantly at his side. I was filled with delight day after day, rejoicing always in his presence, rejoicing in his whole world and delighting in mankind.

බෙදාගන්න
හිතෝපදේශ 8 NIV