හිතෝපදේශ 8:27-31
හිතෝපදේශ 8:27-31 NRSV
සමිඳාණන් අහස් කුස පිහිටෙවු කල ද, මම එහි සිටියෙමි. එතුමන් මුහුද මත නිම් වළල්ල තබන විට, ඉහළ අහසෙහි වලාකුළු පිහිටුවන විට, සත් සමුදුර උල්පත් සවි කරන විට, මුහුදු ජලය එහි සීමා පසු කර නොබිඳී යන සේ, මායිම් තබන විට, පොළොවේ පදනම් සලකුණු කරන විට මම එහි සිටියෙමි. මම එතුමන්ගේ නිර්මාණ ශිල්පියෙකු මෙන් ළඟ සිටියෙමි. නිරතුරු එතුමන් අබිමුව ප්‍රමුදිත වෙමින්, දිනෙන් දින එතුමන්ගේ ප්‍රීතිය වූයෙමි. එතුමන් මවා නිම කළ ලොවෙහි ලෝවැසියන් සමග සන්තෝෂ වූයෙමි.

