හිතෝපදේශ 7:15-27

හිතෝපදේශ 7:15-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔබ හමුවන්නයි මා ගෙයින් පිටතට ආවේ; ඔබ සොයාගෙනයි මා මේ ආවේ, මෙන්න දැන් මට ඔබ හමුවෙලා! ඊජිප්තුවේ හණ නූලෙන් කළ වෛවර්ණ ඇතිරිලි මගේ යහනේ එළා තියේ. සුවඳලාටු, අගිල් හා කුරුඳුවලින් මගේ යහන මා සුවඳ ගැල්වූවා. එන්න, එළිවන තුරා අපි ආලයේ මධුවිත බොමු; අපි ආදර මිහිර විඳිමු. මගේ සැමියා ගෙදර නැත; එයා දුර ගමනක් ගිහින්. ලොකු මුදලක් අතේ ඇති ව ගිය නිසා ඔහු එන්නේ පුන් පෝයටත් පස්සේ” යි කීවා ය. ඈ තම ඉච්චා බසින් ඔහු වසඟ කර ගත්තා ය; තම මුදු තෙපුලින් ඔහු නොමගට හරවා ගත්තා ය. එකෙණෙහි ම ඔහු ඈ පසු පස ඇදුනේ, මස් කඩයට ගෙන යන හරකකු පරිද්දෙනි; ඇටවූ තොණ්ඩුවකට පා තබන මුවකු පරිද්දෙනි. හීයක් තම අක්මාව සිදුරු කරන තුරු ඌ ඒ වග නො දත්තේ ය. තම ජීවිතය ම අවදානමේ බව නො දැන මළපුඩුවකට වේගයෙන් ඇදී යන කුරුල්ලකු පරිද්දෙනි. එබැවින් දැන්, මා පුත, මට සවන් දෙන්න; මා කියන දේට අවධානය යොමන්න. ඇගේ මාර්ග වෙත ඔබේ හද නො හැරේවා! ඇගේ මාවත් තුළට මුළාව නො යේවා! ඇයට ගොදුරු වී වැටී ගියෝ බොහෝ ය. ඇය නැති නාස්ති කළ සංඛ්‍යාව අති මහත් ය. ඇගේ නිවස මිනී වළට දිවෙන මාර්ගයකි; එය මරණයේ මන්දිර වෙත බැස යයි.

හිතෝපදේශ 7:15-27 Sinhala Revised Old Version (SROV)

එබැවින් නුඹේ මුහුණ සොයා, නුඹ සම්බවෙන පිණිස පිටතට ආවෙමි, මෙසේ නුඹ සම්බවිය. මිසරයේ නූල්වලින් කළ විසිතුරු ඇතිරිළි මා විසින් මාගේ යහනේ අතුරා තිබේ. සුවඳලාටුවලින්ද අගිල්වලින්ද කුරුඳුවලින්ද මාගේ ඇඳ සුවඳකෙළෙමි. එන්න, උදය දක්වා අපි ප්‍රේමය බොමු; ආදරයෙන් ප්‍රීතිවෙමු. මක්නිසාද ස්වාමිපුරුෂයා ගෙදර නැත, ඔහු දුර ගමනක් ගියේය. ඔහු මුදල් පසුම්බියක් අතේ ඇතුව ගියේය; ඔහු ගෙදර එන්නේ පසළොස්වක දවසේයයි කීවාය. ඇගේ බොහෝ මිහිරි කථාවලින් ඔහු කැමැතිකරවා, ඇගේ තොල්වල ඉච්චාවෙන් ඔහු ඇදගනයයි. ගොනෙකු මරණයට යන්නාක් මෙන්ද, අඥානයෙකු විලංගුවේ දඬුවමට යන්නාක්මෙන්ද, ඊගසක් ඔහුගේ අක්මාවට වදින තුරු, මලපත තම ප්‍රාණය හානිකිරීමට තිබෙන බව නොදැන පක්ෂියෙක් ඊට යුහුව යන්නාක්මෙන්ද, ඔහු එකෙණෙහිම ඇය කැටුව යන්නේය. එබැවින් මාගේ පුත්‍රයෙනි, මාගේ වචන අසා, මාගේ මුඛයේ කීම්වලට ඇහුම්කන් දෙන්න. නුඹේ සිත ඇගේ මාර්ගවලට හැරීනොයේවා, ඇගේ මාවත්වල මුළාව නොයන්න. මක්නිසාද ඈ බොහෝ දෙනෙකු තුවාළකොට හෙළාදැමුවාය. එසේය, ඇගේ මැරුම්කෑ අය මහත් සමූහයක්ය. ඇගේ ගෙය ෂෙයෝලට යන්නාවූ, මරණයේ ඇතුළු ගබඩාවලට බසින්නාවූ මාර්ගයක්ය.

හිතෝපදේශ 7:15-27 Sinhala New Revised Version (NRSV)

ඔබ හමු වන පිණිස ආශාවෙන් ඔබ සොයා ආයේ ඒ නිසා ය. දැන් ඉතින් ඔබ මට හමු විය. මිසරයේ පාට පාට නූල්වලින් කළ විසිතුරු ඇතිරිලි මා යහනෙහි අතුරා ඇත. සුවඳලාටුවලින් ද අගිල්වලින් ද කුරුඳුවලින් ද මාගේ යහනට සුවඳ කැවීමි. එන්න, උදය වන තුරු පෙම් බඳුනෙන් බොමු; ආදරය බී මත්වෙමු. අද මාගේ පුරුෂයා ගෙදර නැත; ඔහු ඈත දුර ගමනක් ගොස් ඇත. ඔහු බොහෝ මුදල් රැගෙන ගියේ ය; මහ පෝය වන තුරු ඔහු ගෙදර එන්නේ නැත.” ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමැති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගන්නී ය. එකෙණෙහි ම ඔහු, ඝාතනයට ගෙන යන ගොනෙකු මෙන් ද මලපුඩුවට දුවන මුවෙකු මෙන් ද උගුලට වහා පියාඹා යන පක්ෂියෙකු මෙන් ද ඇය කැටුව ගියේ ය. ඊගස ඔහුගේ අක්මාව විදගෙන යන තුරු, තමන් අනතුරෙහි සිටින බව ඔහු නොදත්තේ ය. එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න, මා පවසන ඔවා බසට අවධානය යොමු කරන්න. ඇගේ මාවත්වල යාමට ඔබේ සිත නොපෙළඹේ වා! ඇගේ මාර්ගවල මං මුළා නොවන්න. බොහෝ දෙනෙක් ඇගෙන් නාස්තියට පත් වූ හ; ඈ නිසා විපතට පත් වූ අයගේ ගණන් විශාල ය. ඇගේ නිවස පාතාලයට යන මඟ ය, මරුගේ මැදිරිවලට බැස යන මාවත ය.

හිතෝපදේශ 7:15-27 Sinhala New Revised Version 2018 (SNRV)