හිතෝපදේශ 6:20-24 - Compare All Versions

හිතෝපදේශ 6:20-24 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මා පුත, ඔබේ පියාගේ ආඥා පිළිපදින්න; ඔබේ මවගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප නො කරන්න. නිරතුරු ව ඒවා ඔබේ හදවතේ බැඳ ගන්න; ඔබේ ගෙල වටා ඔතාගන්න. එවිට ඔබ ගමන් කරන විට ඒවා ඔබට මග පෙන්වාවි; ඔබ නිදා සිටින විට ඒවා ඔබ රැක බලා ගනීවි; ඔබ අවදි වන කල ඒවා ඔබට කතා කරාවි. මන්ද මේ ආඥා පහනක් ය, මේ ඉගැන්වීම් එළියක් ය, ශික්ෂණයේ තරවටු ජීවනයට මාර්ගය ය. දුශ්චරිතවත් ගැහැණියගෙන් ද අන් සතු අසංවර තැනැත්තියකගේ චාටු කතාවෙන් ද ඒවා ඔබ ආරක්ෂා කරයි.

බෙදාගන්න
හිතෝපදේශ 6 SCV

හිතෝපදේශ 6:20-24 SROV (Sinhala Revised Old Version)

මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ආඥාව රක්ෂාකරන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න. ඒවා නිතරම නුඹේ සිතෙහි බැඳගෙන, නුඹේ ගෙලෙහි ගැටගසාගන්න. නුඹ යන එන විට ඒවා නුඹ ගෙනයන්නේය; නුඹ නිදන කල නුඹ ළඟ රැකවල්කරන්නේය; නුඹ පුබුදින කලද නුඹ සමඟ කථාකරන්නේය. මක්නිසාද නපුරු ස්ත්‍රියගෙන්ද අන් තැනැත්තියෙකුගේ දිවේ ඉච්චාවෙන්ද නුඹ ආරක්ෂාකරන පිණිස ආඥාව පහනක්ය; උපදේශය එළියක්ය; ගුරුකමේ අවවාද ජීවනයේ මාර්ගයෝය.

බෙදාගන්න
හිතෝපදේශ 6 SROV

හිතෝපදේශ 6:20-24 NRSV (Sinhala New Revised Version)

මාගේ පුත්‍රය, ඔබේ පියාගේ අනුශාසනා පිළිපදින්න; මවගේ උපදෙස් අත් නොහරින්න. ඒවා නිරතුරු ඔබේ සිත්හි නිදන් කොට, මාලයක් මෙන්, ගෙල වටා බැඳගන්න. ඔබ යන එන විට ඒවා මඟ පෙන්වයි; ඔබ නිදන විට රැකවල් කරයි; ඔබ අවදි වන විට අවවාද දෙයි. අනුශාසනාව ඔබට පහනකි, උවදෙස් ඔබට එළියකි, ගුරූපදේශ ඔබට ජීවන මඟකි. නරක ගැහැණියකගෙන් ද ඉච්චා බස් දොඩන අන් අඹුවන්ගෙන් ද ඒවා ඔබ රැකගනියි.

බෙදාගන්න
හිතෝපදේශ 6 NRSV

හිතෝපදේශ 6:20-24 SNRV (Sinhala New Revised Version 2018)

මාගේ පුත්‍රය, ඔබේ පියාගේ අනුශාසනා පිළිපදින්න; මවගේ උපදෙස් අත් නොහරින්න. ඒවා නිරතුරු ඔබේ සිත්හි නිදන් කොට, මාලයක් මෙන්, ගෙල වටා බැඳගන්න. ඔබ යන එන විට ඒවා මඟ පෙන්වයි; ඔබ නිදන විට රැකවල් කරයි; ඔබ අවදි වන විට අවවාද දෙයි. අනුශාසනාව ඔබට පහනකි, උවදෙස් ඔබට එළියකි, ගුරූපදේශ ඔබට ජීවන මඟකි. නරක ගැහැණියකගෙන් ද ඉච්චා බස් දොඩන අන් අඹුවන්ගෙන් ද ඒවා ඔබ රැකගනියි.

බෙදාගන්න
හිතෝපදේශ 6 SNRV

හිතෝපදේශ 6:20-24 NIV (New International Version)

My son, keep your father’s command and do not forsake your mother’s teaching. Bind them always on your heart; fasten them around your neck. When you walk, they will guide you; when you sleep, they will watch over you; when you awake, they will speak to you. For this command is a lamp, this teaching is a light, and correction and instruction are the way to life, keeping you from your neighbor’s wife, from the smooth talk of a wayward woman.

බෙදාගන්න
හිතෝපදේශ 6 NIV