හිතෝපදේශ 6:20-24
හිතෝපදේශ 6:20-24 NRSV
මාගේ පුත්‍රය, ඔබේ පියාගේ අනුශාසනා පිළිපදින්න; මවගේ උපදෙස් අත් නොහරින්න. ඒවා නිරතුරු ඔබේ සිත්හි නිදන් කොට, මාලයක් මෙන්, ගෙල වටා බැඳගන්න. ඔබ යන එන විට ඒවා මඟ පෙන්වයි; ඔබ නිදන විට රැකවල් කරයි; ඔබ අවදි වන විට අවවාද දෙයි. අනුශාසනාව ඔබට පහනකි, උවදෙස් ඔබට එළියකි, ගුරූපදේශ ඔබට ජීවන මඟකි. නරක ගැහැණියකගෙන් ද ඉච්චා බස් දොඩන අන් අඹුවන්ගෙන් ද ඒවා ඔබ රැකගනියි.

