හිතෝපදේශ 6:1-11

හිතෝපදේශ 6:1-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මා පුත, ඔබේ අසල්වැසියා උදෙසා ඔබ ඇපකරුවකු වී නම්, අනෙකකු වෙනුවෙන් අත තබා දිවුරුවේ නම්, ඔබ කී දෙයකින් පටලැවිල්ලකට මැදි වී, ඔබේ මුවේ වචන නිසා උගුලකට හසු වී නම්, මා පුත, ඔබේ අසල්වැසියාගේ අත්වලට ඔබ එසේ හසු වී සිටී නම්, මෙසේ කර ගැලවී ගන්න: ඔබ ම ගොස්, ඔහු ඉදිරියේ යටහත් වී, ඔබේ අසල්වැසියාට කරුණු කියමින් බල කරන්න. ඔබේ ඇසට නින්ද නො දී, ඔබේ ඇහිපිය නිදි බර නො වී, දඩයක්කරුගේ අතින් මිදී යන තිත් මුවකු පරිද්දෙන්, කුරුලු දඩයම්කරුගේ උගුලින් පැන යන කුරුල්ලකු පරිද්දෙන් නිදහස් ව යන්න. එම්බා අලසය, කූඹියා ළඟට ගොස්, උගේ ක්‍රියා මාර්ග සිතට ගෙන ප්‍රඥාවත් වන්න. උන්ට නායකයෙක් නැත, වැඩ බලන්නෙක් නැත; පාලකයෙක් ද නැත. එහෙත් උන් ගිම්හාන කාලයේ ආහාර රැස් කර ගනී; අස්වනු කාලයේ කෑම ගබඩා කර ගනී. එම්බා අලසය, තව කොතෙක් වේලා ඔතැන නිදා සිටිනවා ද? ඔය නින්දෙන් අවදි වන්නේ කවදා ද? ටිකක් නිදාගැනීමකි, ඩිංගක් ඇහැපියා ගැනීමකි, ටික වේලාවක් අත් දෙක පොරවා ගැනීමකි, එවිට ඔබට, දුප්පත්කම සොරකු මෙන් පැමිණේ; අවිගත්තකු සේ හිඟකම ඔබ යටත් කර ගනී.

හිතෝපදේශ 6:1-11 Sinhala Revised Old Version (SROV)

මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියාට නුඹ ඇපවී, අන් කෙනෙකු උදෙසා නුඹේ අත් ගසා, නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්, මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියා අතට නුඹ අසුවී සිටින නිසා, මෙසේ කොට ගැළවීයන්න: නුඹ ගොස් නුඹේ අසල්වාසියාගේ පාමුල වැටී කන්නලව්කරන්න. නුඹේ ඇස්වලට නින්දවත් නුඹේ ඇසිපියවලට නිදිබරවත් නොදී, දඩයක්කාරයාගේ අතින් තිත්මුවෙකුමෙන්ද පක්ෂි වැද්දාගේ අතින් පක්ෂියෙකු මෙන්ද ගැළවීයන්න. අලසය, කුහුඹුවා ළඟට ගොස්, උගේ මාර්ග බලා, ඥානවන්ත වෙන්න. ඌට ප්‍රධානියෙක්වත් මුළාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නුමුත්, ග්‍රීෂ්ම කාලයේ ඌ උගේ ආහාර සපයා ගනියි, ගොයම් කපන කාලයේ උගේ කෑම රැස්කරගනියි. අලසය, නුඹ කොපමණ වේලා නිදා ඉන්නෙහිද? නුඹේ නින්දෙන් නුඹ නැගිටින්නේ කොයි වේලාවේද? තව ටිකක් නිදාගැනීමක්ය, ටිකක් සැතපීමක්ය, නින්දට ස්වල්ප අත්පොරවාගැනීමක්යයි කියන නුඹට දිළිඳුකම හොරෙකු මෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.

හිතෝපදේශ 6:1-11 Sinhala New Revised Version (NRSV)

මාගේ පුත්‍රය, ඔබ මිතුරෙකුට ඇප වී, අන් අයෙකු උදෙසා අත්තිකාරමක් දී, ඔබේ වචනවලට අසු වී, ඔබේ පොරොන්දුවලට මැදි වී සිටින්නෙහි ද? මාගේ පුත්‍රය, එසේ අසු වී සිටින්නෙහි නම්, මා කියන දේ කර ගැළවී යන්න; ඔබ ගොස්, ඔහුගේ දෙපා ළඟ වැටී පෙරැත්ත කරන්න. නිදි නොගෙන, කිරා නොවැටී, දඩයක්කාරයෙකු අතින් පැන දුවන තිත් මුවෙකු මෙන් ද උගුලක් ඇටවූ වැද්දෙකු අතින් ඉගිළී යන කුරුල්ලෙකු මෙන් ගැළවී යන්න. අලසය, කුහුඹුවා වෙත ගොස් උගේ ගතිපැවතුම් බලා නැණවත් වන්න. ඌට නායකයෙක් නැත, මුලාදෑනියෙක් නැත, පාලකයෙක් නැත. එහෙත් ඌ ගිම්හානයේ දී ආහාර සපයා ගනියි; ගොයම් කපන සමයේ දී කෑම රැස් කර තබයි. අලසය, ඔබ කොපමණ කල් නිදාගන්නෙහි ද? නින්දෙන් අවදි වන්නේ කොයි වේලාවෙහි ද? ‘තව ටිකක් නිදාගනිමි, තව ඇබිත්තක් සැතපෙමි, තව මඳක් අත් දෙක බැඳගනිමි’යි කියන ඔබ වෙතට, දිළිඳුකම, සොරෙකු මෙන් ද හිඟකම, අවිගත් සෙබළෙකු මෙන් ද එනු ඇත.

හිතෝපදේශ 6:1-11 Sinhala New Revised Version 2018 (SNRV)