හිතෝපදේශ 4:4-7
හිතෝපදේශ 4:4-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු මට මෙසේ උගැන්වී ය: “ඔබේ මුළු හදින් ම මගේ වචන තරයේ අල්ලා ගන්න; මගේ ආඥා පිළිපැද, ජීවනය අත් විඳින්න. ප්‍රඥාව ලබා ගන්න, අවබෝධය ලබා ගන්න; මගේ වචන අමතක නො කරන්න, එයින් පිට පැන නො යන්න. ප්‍රඥාව අතහැර නො දමන්න, මන්ද ඈ ඔබ ආරක්ෂා කරන්නී ය; ඇයට ප්‍රේම කරන්න, එවිට ඈ ඔබ රැක බලා ගන්නී ය. ප්‍රඥාව අති ශ්‍රේෂ්ඨ ය, එබැවින් ප්‍රඥාව ලබා ගන්න; එය ලැබීමට අධික මිලක් ගෙවන්න වෙතත්, අවබෝධය ලබා ගන්න.
හිතෝපදේශ 4:4-7 Sinhala Revised Old Version (SROV)
ඔහු මට උගන්වමින් මෙසේ කීයේය: ඒ මාගේ වචන නුඹේ සිතේ තබාගන්න; මාගේ ආඥා රක්ෂාකොට ජීවත්වන්න. ප්‍රඥාව ලබාගන්න, නුවණ ලබාගන්න; එය සිහිනැති නොකරන්න, මාගේ මුඛයේ කීම්වලින් අහක්ව නොයන්න. ප්‍රඥාව අත් නොහරින්න, එවිට ඈ නුඹ ප්‍රවේසම්කරනවා ඇත; ඈට ප්‍රේමකරන්න, ඈද නුඹ ආරක්ෂාකරනවා ඇත. ප්‍රඥාව ප්‍රධාන දෙයය, එබැවින් ප්‍රඥාව ලබාගන්න. එසේය, නුඹ ලබාගන්න සියල්ල ඇතුළුව, නුවණ ලබාගන්න.
හිතෝපදේශ 4:4-7 Sinhala New Revised Version (NRSV)
මාගේ පියා මට මෙසේ අවවාද කෙළේ ය: “මේ මා කියන දේ ඔබේ සිතේ නිදන් කරගන්න; මාගේ උපදෙස් රැක ජීවිත ලාභය විඳින්න. ප්‍රඥාව ලබාගන්න, නැණනුවණ ලබාගන්න; එය අමතක නොකරන්න; මා පවසන උපදේශවලින් ඉවත් ව නොයන්න. ප්‍රඥා සම්පත ඉවත නොදමන්න; එවිට ඈ ඔබ සුරක්ෂිත ව තබනු ඇත. ඇයට සෙනෙහස දක්වන්න; ඈ ඔබ ආරක්ෂා කරනු ඇත. ප්‍රඥා සම්පත හැම සම්පතට ම වඩා උදාර ය; ඔබ රැස් කරගන්න සකල සම්පතට වඩා නැණනුවණ ලබාගන්න.
හිතෝපදේශ 4:4-7 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ පියා මට මෙසේ අවවාද කෙළේ ය: “මේ මා කියන දේ ඔබේ සිතේ නිදන් කරගන්න; මාගේ උපදෙස් රැක ජීවිත ලාභය විඳින්න. ප්‍රඥාව ලබාගන්න, නැණනුවණ ලබාගන්න; එය අමතක නොකරන්න; මා පවසන උපදේශවලින් ඉවත් ව නොයන්න. ප්‍රඥා සම්පත ඉවත නොදමන්න; එවිට ඈ ඔබ සුරක්ෂිත ව තබනු ඇත. ඇයට සෙනෙහස දක්වන්න; ඈ ඔබ ආරක්ෂා කරනු ඇත. ප්‍රඥා සම්පත හැම සම්පතට ම වඩා උදාර ය; ඔබ රැස් කරගන්න සකල සම්පතට වඩා නැණනුවණ ලබාගන්න.
හිතෝපදේශ 4:4-7 New International Version (NIV)
Then he taught me, and he said to me, “Take hold of my words with all your heart; keep my commands, and you will live. Get wisdom, get understanding; do not forget my words or turn away from them. Do not forsake wisdom, and she will protect you; love her, and she will watch over you. The beginning of wisdom is this: Get wisdom. Though it cost all you have, get understanding.