හිතෝපදේශ 4:4-7
හිතෝපදේශ 4:4-7 NRSV
මාගේ පියා මට මෙසේ අවවාද කෙළේ ය: “මේ මා කියන දේ ඔබේ සිතේ නිදන් කරගන්න; මාගේ උපදෙස් රැක ජීවිත ලාභය විඳින්න. ප්‍රඥාව ලබාගන්න, නැණනුවණ ලබාගන්න; එය අමතක නොකරන්න; මා පවසන උපදේශවලින් ඉවත් ව නොයන්න. ප්‍රඥා සම්පත ඉවත නොදමන්න; එවිට ඈ ඔබ සුරක්ෂිත ව තබනු ඇත. ඇයට සෙනෙහස දක්වන්න; ඈ ඔබ ආරක්ෂා කරනු ඇත. ප්‍රඥා සම්පත හැම සම්පතට ම වඩා උදාර ය; ඔබ රැස් කරගන්න සකල සම්පතට වඩා නැණනුවණ ලබාගන්න.

