හිතෝපදේශ 31:2-9 - Compare All Versions
හිතෝපදේශ 31:2-9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
අහෝ මගේ පුත්‍රය, අහෝ මගේ ගර්භයේ පුත්‍රය, අහෝ මගේ බාර-හාරවල පුත්‍රය, නුඹේ කාය ශක්තිය ස්ත්‍රීන්ට වැය නො කරන්න; නුඹේ දිවි සම්පත රජුන් නාස්ති කරන්නියනට නො දෙන්න. මිදි යුෂ පානය රජුන්ට හොඳ නැත, මත්පැන් ලෝලය පාලකයින්ට හරි නැත; එම්බා ලෙමුවෙල්, ඒවා රජුන් උදෙසා නො වේ. මත් වී, නීති නියෝග අමතක නො කරන පිණිසත්, පීඩිතයින්ගේ අයිතීන් පැහැර නොහරින පිණිසත්, රජුන් මත්පැනින් වැළකුණා වේ! විනාශ වන්නන්ට මත්පැන් දෙන්න; සෝ සන්තාප ඇතියවුන්ට මිදි යුෂ දෙන්න. ඔවුන් බී, මත් ව, තම දුගී භාවය අමතක කළා වේ; තම දුක්ඛිතභාවය මතක නැති කළා වේ. තමන් උදෙසා කරුණු කියන්නට බැරි අය වෙනුවෙන් කතා කරන්න; අනාථ අසරණයින්ගේ අයිතීන් උදෙසා කතා කරන්න. ඔවුන් වෙනුවෙන් කතා කොට, සාධාරණ ව විනිශ්චය කරන්න; දුගී-දුප්පතුන්ගේ, නැති-බැරිවුන්ගේ අයිතීන් රැක දෙන්න.
හිතෝපදේශ 31:2-9 SROV (Sinhala Revised Old Version)
මාගේ පුත්‍රය, මොකද? අනේ මාගේ කුස ඔත් පුත්‍රය, මොකද? මාගේ බාරවල පුත්‍රය, මොකද? නුඹේ ශක්තිය ස්ත්‍රීන්ටත් නුඹේ මාර්ග රජවරුන් නාස්ති කරන්නියන්ටත් නොදෙන්න. ලෙමුවෙල්, මුද්‍රිකපානය බීම රජුන්ටත් සුරාපානයට ආශාවීම අධිපතීන්ටත් සුදුසු නැත. බීවොත් ඔව්හු සමහරවිට නීතිය සිහිනැතිකොට අසරණයන්ගේ නඩුව පෙරළන්නෝය. විනාශවෙන්ට යන අයට සුරාපානයද ශෝක සිත ඇත්තන්ට මුද්‍රිකපානයද දෙන්න. ඔහු බී තමාගේ දිළිඳුකම සිහිනැතිකොට, තමාගේ කාලකණ්ණිකම තවත් මතක් නොකර සිටීවා. නුඹේ මුඛය නිශ්ශබ්දව සිටින්නන් උදෙසාද අනාථවූ සියලු දරුවන්ගේ කාරණය උදෙසාද අරින්න. නුඹේ මුඛය ඇර, ධර්මිෂ්ඨලෙස නිශ්චයකර, අසරණයාටත් දිළින්දාටත් යුක්තිය කරන්න.
හිතෝපදේශ 31:2-9 NRSV (Sinhala New Revised Version)
මාගේ ප්‍රියාදර පුත්‍ර රත්නය, මාගේ යැදුම් නිසා, මාගේ කුසෙන් බිහි වූ පුත් රුවන, මට සවන් දෙන්න. ඔබේ මුළු කාය ශක්තිය කම්සැපට ම කැප නොකරන්න; ඔබේ සම්පත රජුන් වනසන කතුන් උදෙසා නාස්ති නොකරන්න. ලෙමුවෙල්, මෙය අසන්න: රජුන්ට මද්‍යපානය ද රජ කුමරුන්ට සුරා ලෝලය ද නොහොබියි. සුරාමතින් වෙරි වී ඔව්හු සමහර විට නීතිය අමතක කරති: පීඩිතයන්ගේ නඩු අවනඩු කරති. මත්පැන් දිය යුත්තේ මරණාසන්න අයට ය; සුරාව දිය යුත්තේ ජීවිතය තිත්ත වූ අයට ය. එවැනි අය මත්පැන් බී සිය දිළිඳුකම හා අවාසනාව අමතක කෙරෙත් වා. තමන් උදෙසා කතා කළ නොහැකි අය වෙනුවෙන් කතා කරන්න; අනාථ වූවන්ගේ අයිතිවාසිකම් උදෙසා ඉදිරිපත් වන්න. ඔවුන් උදෙසා කතා කොට සාධාරණ විනිශ්චයක් දෙන්න; අසරණයින්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න.
හිතෝපදේශ 31:2-9 SNRV (Sinhala New Revised Version 2018)

හිතෝපදේශ 31:2-9 NIV (New International Version)
Listen, my son! Listen, son of my womb! Listen, my son, the answer to my prayers! Do not spend your strength on women, your vigor on those who ruin kings. It is not for kings, Lemuel— it is not for kings to drink wine, not for rulers to crave beer, lest they drink and forget what has been decreed, and deprive all the oppressed of their rights. Let beer be for those who are perishing, wine for those who are in anguish! Let them drink and forget their poverty and remember their misery no more. Speak up for those who cannot speak for themselves, for the rights of all who are destitute. Speak up and judge fairly; defend the rights of the poor and needy.