හිතෝපදේශ 3:5-10
හිතෝපදේශ 3:5-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ ම අවබෝධයෙහි පිහිටා නො සිට, ඔබේ මුළු හදින් ම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. ඔබේ හැම මාර්ගයක් ම උන්වහන්සේට පිළිගන්වන්න; එවිට උන්වහන්සේ ඔබේ හැම මාවතක් ම ඇද නැති ඒවා කරනු ඇත. ඔබ ප්‍රඥාවත් යැයි ඔබ ම තක්සේරු කර නො ගන්න; ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව නපුරෙන් දුරුවන්න. එයින් ඔබේ සිරුරට සුවය ගෙනේ; ඔබේ ඇටකටුවලට පෝෂණය ලැබේ. ඔබේ සියලු අස්වනුවල නාඹුල් පල සමඟ ඔබේ ධන සම්පතින් ස්වාමින්වහන්සේට ගෞරව කරන්න. එවිට ඔබේ අටු-කොටු ධන ධාන්‍යයෙන් පිරී ඉතිරී යන්නේ ය; අලුත් මිදි යුෂවලින් ඔබේ මිදි යුෂ පීප්ප උතුරා-ගලා යන්නේ ය.
හිතෝපදේශ 3:5-10 Sinhala Revised Old Version (SROV)
නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත. නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න. ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය. නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේට ගෞරව කරන්න. එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.
හිතෝපදේශ 3:5-10 Sinhala New Revised Version (NRSV)
හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න. හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත. ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න. එසේ කළොත්, ඔබේ සිරුරට සුව සැප ද, ඔබේ ඇට මිදුළුවලට නව පණක් ද ලැබෙනු ඇත. ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න. එවිට ඔබේ අටුකොටු ධනධාන්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත; මහ මුද්‍රික බඳුන්වල නව මිදිපැන් උතුරා යනු ඇත.
හිතෝපදේශ 3:5-10 Sinhala New Revised Version 2018 (SNRV)
හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න. හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත. ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න. එසේ කළොත්, ඔබේ සිරුරට සුව සැප ද, ඔබේ ඇට මිදුළුවලට නව පණක් ද ලැබෙනු ඇත. ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න. එවිට ඔබේ අටුකොටු ධනධාන්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත; මහ මුද්‍රික බඳුන්වල නව මිදිපැන් උතුරා යනු ඇත.
හිතෝපදේශ 3:5-10 New International Version (NIV)
Trust in the LORD with all your heart and lean not on your own understanding; in all your ways submit to him, and he will make your paths straight. Do not be wise in your own eyes; fear the LORD and shun evil. This will bring health to your body and nourishment to your bones. Honor the LORD with your wealth, with the firstfruits of all your crops; then your barns will be filled to overflowing, and your vats will brim over with new wine.
