හිතෝපදේශ 3:4-6
හිතෝපදේශ 3:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට, දෙවියන්වහන්සේ ඉදිරියේ මෙන් ම මිනිසුන් ඉදිරියේදී, ප්රසාදයත්, හොඳ නමත් ඔබ දිනාගනු ඇත. ඔබේ ම අවබෝධයෙහි පිහිටා නො සිට, ඔබේ මුළු හදින් ම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. ඔබේ හැම මාර්ගයක් ම උන්වහන්සේට පිළිගන්වන්න; එවිට උන්වහන්සේ ඔබේ හැම මාවතක් ම ඇද නැති ඒවා කරනු ඇත.
හිතෝපදේශ 3:4-6 Sinhala Revised Old Version (SROV)
එවිට නුඹ දෙවියන්වහන්සේගේද මනුෂ්යයාගේද ඇස් හමුවෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත. නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.
හිතෝපදේශ 3:4-6 Sinhala New Revised Version (NRSV)
එවිට ඔබ, දෙවියන් හා මිනිසුන් අබිමුව ප්රසාදයට හා කීර්තියට පාත්ර වනු නිසැක ය. හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න. හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත.
හිතෝපදේශ 3:4-6 Sinhala New Revised Version 2018 (SNRV)