හිතෝපදේශ 3:27-30
හිතෝපදේශ 3:27-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කරන්නට බලය ඔබ අත තිබියදී, උපකාර ලැබිය යුත්තාට සෙත සැලසීමෙන් නො වළකින්න. දැන් ම දීමේ හැකියාව තිබියදී, “යන්න; පසුව එන්න; හෙට මම එය ඔබට දෙන්නෙමි” යි ඔබේ අසල්වැසියාට නො කියන්න. ඔබ ගැන විශ්වාසය තබා, ඔබ අවට වෙසෙන අසල්වැසියාට නපුරක් සැලසුම් නො කරන්න. ඔබට අනදරයක් නො කර තිබියදීත්, අහේතුක ව යම් කෙනකුට වරද නො තබන්න.
හිතෝපදේශ 3:27-30 Sinhala Revised Old Version (SROV)
කරුණාව පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න. නුඹ ළඟ තිබෙද්දීත්: ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමියි නුඹේ අසල්වාසියාට නොකියන්න. නුඹේ අසල්වාසියා නුඹ සමීපයෙහි නිසැකව වාසයකරද්දී ඔහුට විරුද්ධව නපුරක් නොයොදන්න. මනුෂ්‍යයෙක් නුඹට අනදරයක් නොකර සිටිද්දී නිකරුණේ ඔහු සමඟ පොරට නොයන්න.
හිතෝපදේශ 3:27-30 Sinhala New Revised Version (NRSV)
ත්‍යාගශීලී වීමට හැකියාව තිබිය දී, උපකාර කිරීමට මැළි නොවන්න. හැකියාව තිබිය දීත්, “ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමි”යි ඔබේ අසල්වැසියාට නොකියන්න. ඔබේ අසල්වැසියා බිය සැක නැති ව යෙහෙන් වාසය කරද්දී, ඔහුට විරුද්ධ ව උපායක් නොයොදන්න. ඔබට වරදක් නොකරන කෙනෙකු සමඟ නිකරුණේ නඩුහබයට නොබසින්න.
හිතෝපදේශ 3:27-30 Sinhala New Revised Version 2018 (SNRV)
ත්‍යාගශීලී වීමට හැකියාව තිබිය දී, උපකාර කිරීමට මැළි නොවන්න. හැකියාව තිබිය දීත්, “ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමි”යි ඔබේ අසල්වැසියාට නොකියන්න. ඔබේ අසල්වැසියා බිය සැක නැති ව යෙහෙන් වාසය කරද්දී, ඔහුට විරුද්ධ ව උපායක් නොයොදන්න. ඔබට වරදක් නොකරන කෙනෙකු සමඟ නිකරුණේ නඩුහබයට නොබසින්න.
හිතෝපදේශ 3:27-30 New International Version (NIV)
Do not withhold good from those to whom it is due, when it is in your power to act. Do not say to your neighbor, “Come back tomorrow and I’ll give it to you”— when you already have it with you. Do not plot harm against your neighbor, who lives trustfully near you. Do not accuse anyone for no reason— when they have done you no harm.