හිතෝපදේශ 3:15-18
හිතෝපදේශ 3:15-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ප්‍රඥාව රතුකැට මැණිකට වඩා අගනේ ය; ඔබ ආශා කරන කිසිවකටවත් එය සම කළ නො හේ. ඇගේ දකුණත ඇත්තේ, දීර්ඝායුෂ ය; වමතෙහි ඇත්තේ, ධන සම්පත් හා ගෞරවය ය. ඇගේ සියලු මාර්ග ප්‍රිය ජනක ය; ඇගේ මාවත් සියල්ල සාමය ය. ප්‍රඥාව තමා වැලඳගන්නාට ජීවන වෘක්ෂයකි; ඇය තරකොට අල්ලා ගන්නා ආශිර්වාද ලබන්නේ ය.
හිතෝපදේශ 3:15-18 Sinhala Revised Old Version (SROV)
ඈ රතුකැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලුම ප්‍රිය දේ ඈට සමානකළ නොහැක. ඇගේ දකුණතෙහි දීර්ඝායුසද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත. ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය, ඇගේ සියලුම මාවත් සමාදානයය. ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ වාසනාවන්තයෝය.
හිතෝපදේශ 3:15-18 Sinhala New Revised Version (NRSV)
ප්‍රඥාව රතුකැටවලට වඩා අගනේ ය; ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුව ද එයට සම කළ නොහැකි ය. දීර්ඝායු ප්‍රඥාවේ දකුණතෙහි ය: ධනසම්පත් හා කීර්තිය ඇගේ වමතෙහි ය, ප්‍රඥාවගේ ක්‍රියා මාර්ග ජීවන රටාවට මනහර ය; ඇගේ සියලු මාවත් සත් හට සෙත් දෙයි. ප්‍රඥාව අත්කර ගන්නන්ට ඈ ජීවන වෘක්ෂයකි; එවැනියන්ගේ වාසනාවක මහත!
හිතෝපදේශ 3:15-18 Sinhala New Revised Version 2018 (SNRV)
ප්‍රඥාව රතුකැටවලට වඩා අගනේ ය; ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුව ද එයට සම කළ නොහැකි ය. දීර්ඝායු ප්‍රඥාවේ දකුණතෙහි ය: ධනසම්පත් හා කීර්තිය ඇගේ වමතෙහි ය, ප්‍රඥාවගේ ක්‍රියා මාර්ග ජීවන රටාවට මනහර ය; ඇගේ සියලු මාවත් සත් හට සෙත් දෙයි. ප්‍රඥාව අත්කර ගන්නන්ට ඈ ජීවන වෘක්ෂයකි; එවැනියන්ගේ වාසනාවක මහත!
හිතෝපදේශ 3:15-18 New International Version (NIV)
She is more precious than rubies; nothing you desire can compare with her. Long life is in her right hand; in her left hand are riches and honor. Her ways are pleasant ways, and all her paths are peace. She is a tree of life to those who take hold of her; those who hold her fast will be blessed.