හිතෝපදේශ 18:13-17
හිතෝපදේශ 18:13-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇහුම්කන් දීමට පෙර උත්තර දෙන කෙනකු වේ ද, එය ඔහුගේ මෝඩකමත්, ලජ්ජාවත් ය. මිනිසකුගේ ආත්මය ලෙඩ-දුක් දරා ගනියි; එහෙත් බිඳුණු ආත්මයක් දැරිය හැකි කවරකුට ද? බුද්ධිමතාගේ හදවත දැනුම අත්කර ගනී; ප්‍රඥාවතුන්ගේ කන ද දැනුම සොයයි. ත්‍යාගයක්, එය ප්රදානකරන්නාට මාර්ගය විවර කර දී, උත්තමයන් ඉදිරියට ඔහු කැඳවාගෙන යයි. දෙවැන්නකු පැමිණ හරස් ප්‍රශ්න අසන තුරු, මුලින් ම පැමිණිල්ල ඉදිරිපත් කරන්නා නිවැරදි යයි පෙනේ.
හිතෝපදේශ 18:13-17 Sinhala Revised Old Version (SROV)
අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ. මනුෂ්‍යයෙකුගේ ආත්මය තමාගේම දුක උසුලන්නේය; එහෙත් බිඳුණු ආත්මය දරන්ට පුළුවන් කාටද? තේරුම් ඇත්තාගේ සිත දැනගැන්ම ලබාගනියි; ප්‍රඥාවන්තයාගේ කනද දැනගැන්ම සොයයි. මනුෂ්‍යයෙකුගේ තෑග්ග ඔහුට ඉඩ ලබාදී, උත්තමයන් ඉදිරියට ඔහු පමුණුවයි, තමාගේ පැමිණිල්ල පළමුකොට කියන අය ධර්මිෂ්ඨව පෙනේ; එහෙත් ඔහුගේ අසල්වාසියා ඇවිත් ඔහු සෝදිසිකරන්නේය.
හිතෝපදේශ 18:13-17 Sinhala New Revised Version (NRSV)
පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත. මිනිසෙක් සිය ආත්ම ශක්තියෙන් ලෙඩ දුක් උසුලයි; එය බිඳ වැටුණොත් කවරෙකුට එය ඉසිලිය හැකි ද? බුද්ධිමත් සිත දැනුම ලබාගනියි; නැණවතාගේ අවධානය ප්‍රඥාව දෙසට ය. ඔබ දෙන ත්‍යාගය ඔබට අලුත් දොරවල් ඇර දෙයි; ප්‍රභූවරයන් වෙත යාමට අවස්ථාව ද සලසයි. උසාවියේ දී විත්තිය හරස් ප්‍රශ්න අසන තුරු පැමිණිල්ල සාධාරණ යයි පෙනේ.
හිතෝපදේශ 18:13-17 Sinhala New Revised Version 2018 (SNRV)
පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත. මිනිසෙක් සිය ආත්ම ශක්තියෙන් ලෙඩ දුක් උසුලයි; එය බිඳ වැටුණොත් කවරෙකුට එය ඉසිලිය හැකි ද? බුද්ධිමත් සිත දැනුම ලබාගනියි; නැණවතාගේ අවධානය ප්‍රඥාව දෙසට ය. ඔබ දෙන ත්‍යාගය ඔබට අලුත් දොරවල් ඇර දෙයි; ප්‍රභූවරයන් වෙත යාමට අවස්ථාව ද සලසයි. උසාවියේ දී විත්තිය හරස් ප්‍රශ්න අසන තුරු පැමිණිල්ල සාධාරණ යයි පෙනේ.
හිතෝපදේශ 18:13-17 New International Version (NIV)
To answer before listening— that is folly and shame. The human spirit can endure in sickness, but a crushed spirit who can bear? The heart of the discerning acquires knowledge, for the ears of the wise seek it out. A gift opens the way and ushers the giver into the presence of the great. In a lawsuit the first to speak seems right, until someone comes forward and cross-examines.