හිතෝපදේශ 14:29-33 - Compare All Versions

හිතෝපදේශ 14:29-33 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉවසිලිවන්ත පුද්ගලයාට මහා අවබෝධයක් ඇත; එහෙත් වහා කිපෙන්නා මෝඩකම ප්‍රදර්ශන කරයි. ශාන්ත වූ හදවත ගතට ජීවනය ගෙන දේ; එහෙත් ඊර්ෂ්‍යාව ඇටකටු දිරාපත් කරයි. දුප්පතුන්ට පීඩාකරන්නා ඔවුන්ගේ මැවුම්කරුවාණන්ට අවඥා කරයි; එහෙත් නැති බැරි අයට කාරුණික වන කවුරු නමුත්, උන්වහන්සේට ගෞරව කරයි. දුෂ්ටයා තම නපුරු ක්‍රියාව කරණකොටගෙන වැටී යයි; එහෙත් මරණයේදී පවා ධර්මිෂ්ඨයාට පිළිසරණක් ඇත. බුද්ධිමතුන්ගේ හදෙහි ප්‍රඥාව ලැගුම් ගනී; අඥානයින් අතරේ පවා එය ප්‍රකාශ වෙයි.

බෙදාගන්න
හිතෝපදේශ 14 SCV

හිතෝපදේශ 14:29-33 SROV (Sinhala Revised Old Version)

කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය. මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය. දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරන්නේය; එහෙත් දිළිඳාට කරුණාකරන්නා උන්වහන්සේට ගෞරවකරන්නේය. දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය. නුවණ ඇත්තාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; එහෙත් අඥානයන් තුළ තිබෙන දේ ප්‍රකාශවේ.

බෙදාගන්න
හිතෝපදේශ 14 SROV

හිතෝපදේශ 14:29-33 NRSV (Sinhala New Revised Version)

කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය. නිසල් සිත, ගතට සුවය දෙයි; ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි. දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි; දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි. දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි; ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි. නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; අඥානයා ප්‍රඥාව ගැන කිසිත් නොදනියි.

බෙදාගන්න
හිතෝපදේශ 14 NRSV

හිතෝපදේශ 14:29-33 SNRV (Sinhala New Revised Version 2018)

කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය. නිසල් සිත, ගතට සුවය දෙයි; ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි. දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි; දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි. දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි; ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි. නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; අඥානයා ප්‍රඥාව ගැන කිසිත් නොදනියි.

බෙදාගන්න
හිතෝපදේශ 14 SNRV

හිතෝපදේශ 14:29-33 NIV (New International Version)

Whoever is patient has great understanding, but one who is quick-tempered displays folly. A heart at peace gives life to the body, but envy rots the bones. Whoever oppresses the poor shows contempt for their Maker, but whoever is kind to the needy honors God. When calamity comes, the wicked are brought down, but even in death the righteous seek refuge in God. Wisdom reposes in the heart of the discerning and even among fools she lets herself be known.

බෙදාගන්න
හිතෝපදේශ 14 NIV