හිතෝපදේශ 14:29-33

හිතෝපදේශ 14:29-33 NRSV

කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය. නිසල් සිත, ගතට සුවය දෙයි; ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි. දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි; දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි. දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි; ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි. නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; අඥානයා ප්‍රඥාව ගැන කිසිත් නොදනියි.