හිතෝපදේශ 14:13-29

හිතෝපදේශ 14:13-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සිනාසීමේදී පවා හදේ වේදනා තිබිය හැක; ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක. හදින් පසුබටවන්නා මුළුමනින් ම ඔහුට සුදුසු ප්‍රතිවිපාක ලබයි; සත්-පුරුෂයා ද ඔහුට සුදුසු ඉටු විපාක ලබයි. අනුවණයා හැම දේ ම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමතා තමා ගන්නා හැම පියවරක් ම සැලකිල්ලට ගනියි. ප්‍රඥාවත් මිනිසා දේව භයින් යුතු ව නපුරෙන් වැළකී සිටී; එහෙත් අඥානයා කලබලකාරී ව නො සැලකිලිමත් වෙයි. වහා කිපෙන මිනිසා මෝඩ වැඩ කරයි; කපටි මිනිසාට අන් අය වෛර කරති. අනුවණයින්ගේ උරුමය මෝඩකම ය; එහෙත් බුද්ධිමතා දැනුමේ කිරුළ ලබයි. දුෂ්ටයෝ යහපතුන් ඉදිරියේ වැඳ වැටෙති; අධර්මිෂ්ඨයෝ ධර්මිෂ්ඨයින්ගේ දොරටු අබියස වැඳ වැටෙති. තම අසල්වැසියන් අතින් පවා දුප්පතා ඈත් කෙරේ; එහෙත් ධනවතාට බොහෝ මිතුරන් ඇත. තම අසල්වැසියා හෙළා දකින්නා පව් කරයි; එහෙත් නැති බැරි අයට උපකාර කරන්නා භාග්‍යවන්තයෙකි. නපුරු උපා යොදන්නෝ මංමුළා නො වෙත් ද? එහෙත් සෙත සැලසුම් කරන්නෝ, ප්‍රේමයත්, විශ්වාසවන්ත භාවයත් හිමි කර ගනිති. වෙහෙසී වැඩ කිරීම් සියල්ලෙන් ලාභ ලැබේ; එහෙත් නිෂ්ඵල කතාව දුගී භාවයට මං පාදයි. ප්‍රඥාවතුන්ගේ ධන සම්පත් ඔවුන්ගේ ඔටුන්න ය; එහෙත් අඥානයින්ගේ මෝඩකමින් උපදින්නේ මෝඩකම පමණි. සත්‍යවාදී සාක්ෂිකරු ජීවිත ගලවයි; එහෙත් බොරු සාක්ෂිකරු රැවටිලිකාර ය. ස්වාමින්වහන්සේට භය පක්ෂපාත අයට සුරක්ෂිත බළකොටුවක් ඇත; ඔවුන්ගේ දරුවන්ට එය රක්ෂස්ථානයකි. ස්වාමින්වහන්සේට භයවීම ජීවනයේ උල්පතකි; මරණයේ උගුල්වලින් එය කෙනකු ඉවත හරවයි. අධික ජනගහනය රජකුගේ තේජස වෙයි; එහෙත් ජනගහනය නැති අධිපතියා ගරාවැටෙයි. ඉවසිලිවන්ත පුද්ගලයාට මහා අවබෝධයක් ඇත; එහෙත් වහා කිපෙන්නා මෝඩකම ප්‍රදර්ශන කරයි.

හිතෝපදේශ 14:13-29 Sinhala Revised Old Version (SROV)

සිනාසීමේදී පවා සිතේ කනගාටු තිබේ; ප්‍රීතියේ කෙළවරද ශෝකයය. සිතින් පසුබටවෙන්නා තමාගේම මාර්ගවලින්ද යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන්ද තෘප්තියට පැමිණෙයි. නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි. ප්‍රඥාවන්තයා භයව නපුරෙන් ඉවත්වෙයි; එහෙත් අඥානයා උඩඟුකම් පාමින් සැක නැතුව සිටියි. ඉක්මනින් කිපෙන්නා අඥානලෙස ක්‍රියාකරයි; දුෂ්ට උපා යොදන්නාද වෛරය ලබයි. නුවණ නැත්තන්ට මෝඩකම උරුම වන්නේය; එහෙත් බුද්ධිමත්හු දැනගැන්ම නමැති ඔටුන්න පැළඳගනිති. නපුරෝ යහපතුන් ඉදිරියෙහිද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයාගේ දොරටු ළඟද වැඳ වැටෙති. දිළින්දාට තමාගේ අසල්වාසියා පවා වෛරකරයි; එහෙත් වස්තුකාරයාට මිත්‍රයෝ බොහෝය. තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය; එහෙත් දුප්පතුන්ට අනුකම්පාකරන්නා වාසනාවන්තයෙක්ය. නපුර යොදන්නන් වරද්දාගන්නවා නොවේද? එහෙත් යහපත යොදන්නන්ට කරුණාවද සැබෑකමද ලැබෙන්නේය. සියලු වැඩවලින් ලාභ උපදියි; එහෙත් තොල්වල කථාවෙන් පැමිණෙන්නේ හිඟකම පමණක්ය. ප්‍රඥාවන්තයන්ගේ වස්තුව ඔවුන්ට ඔටුන්නක්ය; එහෙත් අඥානයන්ගේ උතුම්කම නම් මෝඩකමය. සැබෑ සාක්ෂිකාරයෙක් ප්‍රාණ ගළවන්නේය; එහෙත් බොරු කියන්නෙක් වංචාව නික්මවයි. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම මරහුගේ මලපත්වලින් මිදීමට ජීවන උල්පතක්ය. රජුගේ මහන්තත්වය නම් සෙනඟ රාශියක් ඇතිවීමය; එහෙත් සෙනඟ අඩුකම අධිපතියාට හානියක්ය. කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.

හිතෝපදේශ 14:13-29 Sinhala New Revised Version (NRSV)

සිනාවේ පවා සිත් තැවුලක් විය හැක; ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක. දුදනා සිය ක්‍රියාවල විපාකය ලබයි; සුදනා තම ක්‍රියාවල ප්‍රතිඵල ලබයි. නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි; උගතා තම පියවර හොඳින් විමසා බලයි. ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි. වහා කිපෙන්නා අනුවණ ලෙස ක්‍රියා කරයි. එහෙත් නුවණැතියා ශාන්ත ව සිටියි. අනුවණයන්ට මෝඩකමේ පල විපාක උරුම වෙයි; එහෙත් නුවණැත්තෝ දැනුම නමැති කිරුළ පැළඳගනිති. නපුරෝ යහපතුන් අබිමුව වැඳ වැටෙති; දුදනෝ දැහැමියන්ගේ දොරටු ළඟ වැඳ වැටෙති. දිළින්දාට කිසි ම හිතවතෙක් නැත; පොහොසතාට නම් බොහෝ මිතුරෝ ඇත. කෙනෙකු හෙළා දැකීම පාපයකි; දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි. නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි; යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි. වැඩක යෙදුණොත් ජීවිකාව ලැබේ; කතාවට ම වැටුණොත් දිළිඳුකම ලැබේ. නැණවතුන්ගේ කිරුළ ඔවුන්ගේ නැණනුවණ වේ; අඥානයන්ගේ ඔටුන්න ඔවුන්ගේ අනුවණකම වේ. සැබෑ සාක්ෂිකරු ජීවිත ගළවයි; බොරු සාක්ෂිකරු ජීවිත පාවා දෙයි. දේව ගරුබිය ඇත්තා හට ආත්ම විශ්වාසය ඇත; ඔහුගේ දූ දරුවන්ට ආරක්ෂාව ද ඇත. දේව ගරුබිය ජීවන උල්පතකි; එයින් නුඹ මාරක මලපතින් මිදෙන්නෙහි ය. රජුගේ මහේශාක්‍යය රඳා ඇත්තේ සෙනඟගේ සංබ්‍යාව පිට ය; සෙනඟ අඩුකම ඔහුට මදිකමකි. කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.

හිතෝපදේශ 14:13-29 Sinhala New Revised Version 2018 (SNRV)

හිතෝපදේශ 14:13-29 New International Version (NIV)

Even in laughter the heart may ache, and rejoicing may end in grief. The faithless will be fully repaid for their ways, and the good rewarded for theirs. The simple believe anything, but the prudent give thought to their steps. The wise fear the LORD and shun evil, but a fool is hotheaded and yet feels secure. A quick-tempered person does foolish things, and the one who devises evil schemes is hated. The simple inherit folly, but the prudent are crowned with knowledge. Evildoers will bow down in the presence of the good, and the wicked at the gates of the righteous. The poor are shunned even by their neighbors, but the rich have many friends. It is a sin to despise one’s neighbor, but blessed is the one who is kind to the needy. Do not those who plot evil go astray? But those who plan what is good find love and faithfulness. All hard work brings a profit, but mere talk leads only to poverty. The wealth of the wise is their crown, but the folly of fools yields folly. A truthful witness saves lives, but a false witness is deceitful. Whoever fears the LORD has a secure fortress, and for their children it will be a refuge. The fear of the LORD is a fountain of life, turning a person from the snares of death. A large population is a king’s glory, but without subjects a prince is ruined. Whoever is patient has great understanding, but one who is quick-tempered displays folly.