හිතෝපදේශ 14:13-29

හිතෝපදේශ 14:13-29 SCV

සිනාසීමේදී පවා හදේ වේදනා තිබිය හැක; ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක. හදින් පසුබටවන්නා මුළුමනින් ම ඔහුට සුදුසු ප්‍රතිවිපාක ලබයි; සත්-පුරුෂයා ද ඔහුට සුදුසු ඉටු විපාක ලබයි. අනුවණයා හැම දේ ම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමතා තමා ගන්නා හැම පියවරක් ම සැලකිල්ලට ගනියි. ප්‍රඥාවත් මිනිසා දේව භයින් යුතු ව නපුරෙන් වැළකී සිටී; එහෙත් අඥානයා කලබලකාරී ව නො සැලකිලිමත් වෙයි. වහා කිපෙන මිනිසා මෝඩ වැඩ කරයි; කපටි මිනිසාට අන් අය වෛර කරති. අනුවණයින්ගේ උරුමය මෝඩකම ය; එහෙත් බුද්ධිමතා දැනුමේ කිරුළ ලබයි. දුෂ්ටයෝ යහපතුන් ඉදිරියේ වැඳ වැටෙති; අධර්මිෂ්ඨයෝ ධර්මිෂ්ඨයින්ගේ දොරටු අබියස වැඳ වැටෙති. තම අසල්වැසියන් අතින් පවා දුප්පතා ඈත් කෙරේ; එහෙත් ධනවතාට බොහෝ මිතුරන් ඇත. තම අසල්වැසියා හෙළා දකින්නා පව් කරයි; එහෙත් නැති බැරි අයට උපකාර කරන්නා භාග්‍යවන්තයෙකි. නපුරු උපා යොදන්නෝ මංමුළා නො වෙත් ද? එහෙත් සෙත සැලසුම් කරන්නෝ, ප්‍රේමයත්, විශ්වාසවන්ත භාවයත් හිමි කර ගනිති. වෙහෙසී වැඩ කිරීම් සියල්ලෙන් ලාභ ලැබේ; එහෙත් නිෂ්ඵල කතාව දුගී භාවයට මං පාදයි. ප්‍රඥාවතුන්ගේ ධන සම්පත් ඔවුන්ගේ ඔටුන්න ය; එහෙත් අඥානයින්ගේ මෝඩකමින් උපදින්නේ මෝඩකම පමණි. සත්‍යවාදී සාක්ෂිකරු ජීවිත ගලවයි; එහෙත් බොරු සාක්ෂිකරු රැවටිලිකාර ය. ස්වාමින්වහන්සේට භය පක්ෂපාත අයට සුරක්ෂිත බළකොටුවක් ඇත; ඔවුන්ගේ දරුවන්ට එය රක්ෂස්ථානයකි. ස්වාමින්වහන්සේට භයවීම ජීවනයේ උල්පතකි; මරණයේ උගුල්වලින් එය කෙනකු ඉවත හරවයි. අධික ජනගහනය රජකුගේ තේජස වෙයි; එහෙත් ජනගහනය නැති අධිපතියා ගරාවැටෙයි. ඉවසිලිවන්ත පුද්ගලයාට මහා අවබෝධයක් ඇත; එහෙත් වහා කිපෙන්නා මෝඩකම ප්‍රදර්ශන කරයි.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 14:13-29 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය