හිතෝපදේශ 12:16-18
හිතෝපදේශ 12:16-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අඥානයා තම නොරිස්සුම එවෙලේම පෙන්වයි; එහෙත් බුද්ධිමතා නිග්‍රහ ගණන් නො ගනී. ඇත්ත කතා කරන්නා අවංක ව සාක්ෂි දෙයි; බොරු සාක්ෂිකරු පවසන්නේ මුසා ය. නො සැලකිලිමත් වචන කඩු පහරක් මෙන් ඇනෙයි; එහෙත් ප්‍රඥාවත් අයගේ දිව, සුවය ගෙනේ.
හිතෝපදේශ 12:16-18 Sinhala Revised Old Version (SROV)
මෝඩයාගේ කෝපවීම එවේලේම එළිදරව්වන්නේය; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ලජ්ජාව සඟවාගන්නේය. සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන්නේය. කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.
හිතෝපදේශ 12:16-18 Sinhala New Revised Version (NRSV)
මෝඩයා සිය කෝපය වහා පෙන්වයි; බුද්ධිමතා අපහාසය නොතකා හරියි. ඇත්ත කියන්නා සත්‍යය දක්වයි; බොරු සාක්ෂිකරු වංචාව ද දක්වයි. කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.
හිතෝපදේශ 12:16-18 Sinhala New Revised Version 2018 (SNRV)
මෝඩයා සිය කෝපය වහා පෙන්වයි; බුද්ධිමතා අපහාසය නොතකා හරියි. ඇත්ත කියන්නා සත්‍යය දක්වයි; බොරු සාක්ෂිකරු වංචාව ද දක්වයි. කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.
හිතෝපදේශ 12:16-18 New International Version (NIV)
Fools show their annoyance at once, but the prudent overlook an insult. An honest witness tells the truth, but a false witness tells lies. The words of the reckless pierce like swords, but the tongue of the wise brings healing.