හිතෝපදේශ 10:1-14

හිතෝපදේශ 10:1-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සාලමොන්ගේ හිතෝපදේශ: ප්‍රඥාවත් පුත්‍රයා තම පියාට ප්‍රීතිය ගෙනේ, අඥාන පුත්‍රයා තම මව ශෝකයට පමුණුවයි. අදමිටුකමින් උපයා ගත් ධනයේ වටිනාකමක් නැත; එහෙත් දමිටුකම මරණයෙන් ගලවයි. ධර්මිෂ්ඨයිනට කුස ගින්නේ සිටින්නට ස්වාමින්වහන්සේ ඉඩ නො තබන සේක; එහෙත්, දුෂ්ටයින්ගේ තෘෂ්ණාව ඉෂ්ටවීම වළකන සේක. කම්මැලි දෑත මිනිසකු දුප්පත් කරවයි; එහෙත් උද්යෝගිමත් දෑත, ධනය ගෙන එයි. ග්‍රීෂ්ම කාලයේ පලදාව එක් රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වනු කාලයේ නිදාගන්නා නින්දා සහගත පුතෙකි. ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශිර්වාද වෙයි; එහෙත් දුෂ්ටයාගේ මුඛය සැහැසිකම මුවා කර ගනී. ධර්මිෂ්ඨයින් ගැන මතකය ද ආශිර්වාදයකි; එහෙත් දුෂ්ටයාගේ නාමය දිරා යයි. ප්‍රඥාවත් හදවතක් ඇත්තා, අණ-පනත් පිළිගනී; එහෙත් වාචාල අඥානයා විනාශයට පත් වේ. ඍජු ගතියෙන් කටයුතු කරන්නා, සුරක්ෂිත ව දිවි ගෙවයි; එහෙත් ඇද මාවත්වල යන්නාගේ වංකකම එළි වෙයි. ඇසින් ඉඟිකරන්නා කරදර උපද්දයි; වාචාල අඥානයා විනාශයට ළං වෙයි. දමිටු මිනිසකුගේ මුඛය, ජීවනයේ උල්පතකි; එහෙත් දුෂ්ටයාගේ මුඛය, සැහැසිකම මුවා කර ගනී. ද්වේෂය, ආරවුල් කලඹවයි; එහෙත් ප්‍රේමය, සියලු වැරදි වසාලයි. අවබෝධය ඇත්තාගේ තොල් අතරේ ප්‍රඥාව ඇත්තේ ය; එහෙත් විචාර බුද්ධිය හීන අයගේ පිටුපසට වේවැල් පහර ය. ප්‍රඥාවත්හු දැනුම රැස් කර ගනිති; එහෙත් අඥානයාගේ මුඛය විනාශයට අඬගසයි.

හිතෝපදේශ 10:1-14 Sinhala Revised Old Version (SROV)

සාලමොන්ගේ හිතෝපදේශය. ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය; එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය. දුෂ්ටකමේ වස්තුවලින් උපකාරයක් නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි. ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා හාමත්වෙන්ට නාරිනසේක; එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය උන්වහන්සේ නිෂ්ඵලකරනසේක. අලස අතකින් ක්‍රියාකරන්නා දිළිඳුවන්නේය; එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය. ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය; ගොයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය. ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශීර්වාද තිබේ; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසන්නේය. ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය; එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය. ප්‍රඥාවත් සිතක් ඇත්තා ආඥා පිළිගනියි; එහෙත් දොඩවන මෝඩයා හෙළාදමනු ලැබේ. ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය. ඇසින් ඉඟිකරන්නා දුක් උපදවයි; එහෙත් දොඩවන මෝඩයාද හෙළාදමනු ලැබේ. ධර්මිෂ්ඨයාගේ මුඛය ජීවන උල්පතක්ය; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසයි. වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි. නුවණ ඇත්තාගේ තොල්වල ප්‍රඥාව සම්බවේ. එහෙත් තේරුම්නැත්තාගේ පිටට ඉපලක් ඇත්තේය. ඥානවන්තයෝ දැනගැන්ම රැස්කරගනිති; එහෙත් මෝඩයාගේ මුඛය ළඟම විනාශය ඇත්තේය.

හිතෝපදේශ 10:1-14 Sinhala New Revised Version (NRSV)

සලමොන් නිරිඳුන්ගේ හිතෝපදේශ මේ ය: නැණවත් පුතා පියා හට ප්‍රීතියකි, අනුවණ පුතා මවට ශෝකයකි. වංකකමින් ලබන වස්තුව නිෂ්ඵල වෙයි; එහෙත් අවංකකම මරණින් මුදයි. සමිඳාණෝ දැහැමි දනා හාමතට නොහරින සේක; එහෙත් දුදනන්ගේ මන දොළ නිෂ්ඵල කරන සේක. අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි. ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි. දැහැමියන්ගේ හිස මත ආසිරි පැතිරෙයි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවෙයි. දැහැමි දනා සැමරීම වාසනාවකි; එහෙත් දුදනන්ගේ නාමය පිළිකුලකි. පැණවතා අණපණත් පිළිගනියි; නන්දොඩන මෝඩයා වැනසී යයි. අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි; වංක මඟෙහි යන්නාගේ ක්‍රියා එළි වෙයි. වපර ඇසින් වරද දෙස බලන්නා කරදර උපදවයි; එහෙත් නිර්භය විවේචනය කරන්නා සාමය ගෙන දෙයි. සුදනන්ගේ කතාව ජීවන උල්පතකි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවී ඇත. වෛරය කලහ උපදවයි; ප්‍රේමය වැරදි නොතකයි. නුවණැත්තා සිහිනුවණින් කතා කරයි; අනුවණයා කස පහර ලැබිය යුතුයි. නැණවත්හු දැනුම රැස් කරගනිති; එහෙත් මෝඩයන්ගේ කතාව විනාශය ළං කරගනියි.

හිතෝපදේශ 10:1-14 Sinhala New Revised Version 2018 (SNRV)

සලමොන් නිරිඳුන්ගේ හිතෝපදේශ මේ ය: නැණවත් පුතා පියා හට ප්‍රීතියකි, අනුවණ පුතා මවට ශෝකයකි. වංකකමින් ලබන වස්තුව නිෂ්ඵල වෙයි; එහෙත් අවංකකම මරණින් මුදයි. සමිඳාණෝ දැහැමි දනා හාමතට නොහරින සේක; එහෙත් දුදනන්ගේ මන දොළ නිෂ්ඵල කරන සේක. අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි. ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි. දැහැමියන්ගේ හිස මත ආසිරි පැතිරෙයි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවෙයි. දැහැමි දනා සැමරීම වාසනාවකි; එහෙත් දුදනන්ගේ නාමය පිළිකුලකි. පැණවතා අණපනත් පිළිගනියි; නන්දොඩන මෝඩයා වැනසී යයි. අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි; වංක මඟෙහි යන්නාගේ ක්‍රියා එළි වෙයි. වපර ඇසින් වරද දෙස බලන්නා කරදර උපදවයි; එහෙත් නිර්භය විවේචනය කරන්නා සාමය ගෙන දෙයි. සුදනන්ගේ කතාව ජීවන උල්පතකි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවී ඇත. වෛරය කලහ උපදවයි; ප්‍රේමය වැරදි නොතකයි. නුවණැත්තා සිහිනුවණින් කතා කරයි; අනුවණයා කස පහර ලැබිය යුතුයි. නැණවත්හු දැනුම රැස් කරගනිති; එහෙත් මෝඩයන්ගේ කතාව විනාශය ළං කරගනියි.