හිතෝපදේශ 10:1-14

හිතෝපදේශ 10:1-14 SROV

සාලමොන්ගේ හිතෝපදේශය. ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය; එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය. දුෂ්ටකමේ වස්තුවලින් උපකාරයක් නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි. ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා හාමත්වෙන්ට නාරිනසේක; එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය උන්වහන්සේ නිෂ්ඵලකරනසේක. අලස අතකින් ක්‍රියාකරන්නා දිළිඳුවන්නේය; එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය. ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය; ගොයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය. ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශීර්වාද තිබේ; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසන්නේය. ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය; එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය. ප්‍රඥාවත් සිතක් ඇත්තා ආඥා පිළිගනියි; එහෙත් දොඩවන මෝඩයා හෙළාදමනු ලැබේ. ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය. ඇසින් ඉඟිකරන්නා දුක් උපදවයි; එහෙත් දොඩවන මෝඩයාද හෙළාදමනු ලැබේ. ධර්මිෂ්ඨයාගේ මුඛය ජීවන උල්පතක්ය; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසයි. වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි. නුවණ ඇත්තාගේ තොල්වල ප්‍රඥාව සම්බවේ. එහෙත් තේරුම්නැත්තාගේ පිටට ඉපලක් ඇත්තේය. ඥානවන්තයෝ දැනගැන්ම රැස්කරගනිති; එහෙත් මෝඩයාගේ මුඛය ළඟම විනාශය ඇත්තේය.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 10:1-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය