ගණන් කථාව 35:29-34

ගණන් කථාව 35:29-34 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“ ‘ඔබ කොතැනක වෙසෙතත්, මතු පරම්පරා මුළුල්ලෙහි ම මේවා ඔබට නීතිමය නියමයන් විය යුතු ය. “ ‘යමකු මරා දැමූ කෙනකු, මිනී මරුවකු වශයෙන් මරණයට පත් කළ හැක්කේ, සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මත පමණි. එහෙත් එක් සාක්ෂිකරුවකුගේ සාක්ෂිය මත පමණක් කිසිවකු හෝ මරණයට පත් කළ යුතු නැත. “ ‘මරණීය දණ්ඩනයට නියමවූවකුගේ ජීවිතය ඉන් මිදීම සඳහා වන්දියක් බාර නො ගන්න. ඔහු මරණයට පත් කළ යුතු ම ය. “ ‘අභය නගරයක් වෙත පලා ගිය කිසිවකුටත්, උත්තම පූජකයාගේ මරණයට කලින් ආපසු පැමිණ, තම ඉඩකඩම්හි වාසය කිරීමට ඉඩ සැලසෙන සේ, වන්දියක් බාරගැනීම නො කරන්න. “ ‘ඔබ වෙසෙන දේශය දූෂ්‍ය නො කරන්න. ලේ හැලීමෙන් දේශය දූෂ්‍ය වේ. අනෙකකුගේ ලේ හැලූ පුද්ගලයාගේ ම ලෙයින් මිස, ලේ හැලුණු බිමේ ශෝධනය සඳහා පාප වන්දි නිවාරණයක් ඉටු කළ නො හැක. ඔබ වෙසෙන, මා ද වෙසෙන දේශය දූෂ්‍ය නො කරන්න. මන්ද ස්වාමින්වහන්සේ වන මම ඉශ්‍රායෙල්වරුන් අතරේ වාසය කරන්නෙමි’ යි” පැවසූ සේක.

ගණන් කථාව 35:29-34 Sinhala Revised Old Version (SROV)

මේවා නුඹලාගේ පරම්පරාවලදී නුඹලාගේ සියලු වාසස්ථානවල නුඹලාට විනිශ්චයේ පනතක් වන්නේය. කා විසින් නුමුත් යමෙකු මැරුවොත් මිනීමරන තැනැත්තේ සාක්ෂිකාරයන්ගේ කීම පරිද්දෙන් මරනු ලැබිය යුතුය. එහෙත් යමෙකු මරන පිණිස එක සාක්ෂිකාරයෙක් පමණක් ඔහුට විරුද්ධව සාක්ෂි නොදිය යුතුය. මරනු ලබන්ට සුදුසු වරදකාරයෙක්ව සිටින මිනීමරන්නාගේ ප්‍රාණය උදෙසා මිදීමේ මුදලක් භාරනොගන්න. මක්නිසාද ඔහු සැබවින් මරනු ලැබිය යුතුය. තමාගේ ආරක්ෂා නුවරට පලාගොස් සිටින තැනැත්තා උත්තම පූජකයා නසින්ට පළමුවෙන් දේශයෙහි වාසයකිරීමට හැරී එන පිණිස ඔහු උදෙසාත් මිදීමේ මුදලක් භාරනොගන්න. එසේ නුඹලා වසන දේශය දූෂ්‍ය නොකරන්න. මක්නිසාද ලේ වැගිරීමෙන් දේශය පිළිකුල්වෙයි. තවද ලේ වැගිරෙවු තැනැත්තාගේ ලෙයින් මිස එහි වගුරුවනලද ලෙයේ දෝෂයෙන් දේශය මිදිය නොහැකිය. නුඹලා පදිංචිවෙන දේශය තුළ මා වාසයකරන බැවින් ඒක අපවිත්‍ර නොකර සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි වාසයකරමියි කීසේක.

ගණන් කථාව 35:29-34 Sinhala New Revised Version (NRSV)

නුඹලා වසන සෑම තැනක ම, සෑම පෙළපතක් කෙරෙහි ම මේ නීති නියෝග වලංගු වනු ඇත. ‘යමෙකු අනෙකකු මැරුවහොත්, මිනීමරුවා සාක්ෂිකරුවන් කීප දෙනෙකුගේ සාක්ෂි පිට මරණයට පත් කරනු ලැබේ. එහෙත්, එලෙස මරණයට පත් කිරීමට පෙර එක සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි පමණක් නොසෑහේ. මිනීමැරීමක් සම්බන්ධ ව තීන්දු වූ වරදකරුවෙකු මරණයට පත් කළ යුතු ය. එවැන්නෙකුගේ පණ බේරාගැනීමට වන්දියක් නොගත යුතු ය. අභය භූමි නගරයට පලා ගිය තැනැත්තා වෙනුවෙන් නායක පූජකයාගේ මරණයට කලින් ඔහුගේ රටට ම ආපසු පැමිණීම සඳහා වන්දියක් නොගත යුතු ය. නුඹලා එලෙස කර, නුඹලා වසන රට නොකෙලෙසිය යුතු ය. ලේ වැගිරීමෙන් රට කෙලෙසෙනු ඇත. මිනීමරුවා මරණයට පත් කිරීමෙන් මිස, ඔහු විසින් වගුරුවන ලද ලෙයින් තෙත් වූ රට පවිත්‍ර කිරීමට අන් මගක් නැත. එබැවින් නුඹලා වාසය කරන රට නොකෙලෙසන්න. මම ද එහි වාසය කරමි. ඉශ්රායෙල් ජනයා අතර වාසය කරන මම සමිඳාණන් වහන්සේ වෙමි.’ “

ගණන් කථාව 35:29-34 Sinhala New Revised Version 2018 (SNRV)

නුඹලා වසන සෑම තැනක ම, සෑම පෙළපතක් කෙරෙහි ම මේ නීති නියෝග වලංගු වනු ඇත. ‘යමෙකු අනෙකකු මැරුවහොත්, මිනීමරුවා සාක්ෂිකරුවන් කීප දෙනෙකුගේ සාක්ෂි පිට මරණයට පත් කරනු ලැබේ. එහෙත්, එලෙස මරණයට පත් කිරීමට පෙර එක සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි පමණක් නොසෑහේ. මිනීමැරීමක් සම්බන්ධ ව තීන්දු වූ වරදකරුවෙකු මරණයට පත් කළ යුතු ය. එවැන්නෙකුගේ පණ බේරාගැනීමට වන්දියක් නොගත යුතු ය. අභය භූමි නගරයට පලා ගිය තැනැත්තා වෙනුවෙන් නායක පූජකයාගේ මරණයට කලින් ඔහුගේ රටට ම ආපසු පැමිණීම සඳහා වන්දියක් නොගත යුතු ය. නුඹලා එලෙස කර, නුඹලා වසන රට නොකෙලෙසිය යුතු ය. ලේ වැගිරීමෙන් රට කෙලෙසෙනු ඇත. මිනීමරුවා මරණයට පත් කිරීමෙන් මිස, ඔහු විසින් වගුරුවන ලද ලෙයින් තෙත් වූ රට පවිත්‍ර කිරීමට අන් මගක් නැත. එබැවින් නුඹලා වාසය කරන රට නොකෙලෙසන්න. මම ද එහි වාසය කරමි. ඉශ්රායෙල් ජනයා අතර වාසය කරන මම සමිඳාණන් වහන්සේ වෙමි.’ ”