ගණන් කථාව 35:29-34

ගණන් කථාව 35:29-34 NRSV

නුඹලා වසන සෑම තැනක ම, සෑම පෙළපතක් කෙරෙහි ම මේ නීති නියෝග වලංගු වනු ඇත. ‘යමෙකු අනෙකකු මැරුවහොත්, මිනීමරුවා සාක්ෂිකරුවන් කීප දෙනෙකුගේ සාක්ෂි පිට මරණයට පත් කරනු ලැබේ. එහෙත්, එලෙස මරණයට පත් කිරීමට පෙර එක සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි පමණක් නොසෑහේ. මිනීමැරීමක් සම්බන්ධ ව තීන්දු වූ වරදකරුවෙකු මරණයට පත් කළ යුතු ය. එවැන්නෙකුගේ පණ බේරාගැනීමට වන්දියක් නොගත යුතු ය. අභය භූමි නගරයට පලා ගිය තැනැත්තා වෙනුවෙන් නායක පූජකයාගේ මරණයට කලින් ඔහුගේ රටට ම ආපසු පැමිණීම සඳහා වන්දියක් නොගත යුතු ය. නුඹලා එලෙස කර, නුඹලා වසන රට නොකෙලෙසිය යුතු ය. ලේ වැගිරීමෙන් රට කෙලෙසෙනු ඇත. මිනීමරුවා මරණයට පත් කිරීමෙන් මිස, ඔහු විසින් වගුරුවන ලද ලෙයින් තෙත් වූ රට පවිත්‍ර කිරීමට අන් මගක් නැත. එබැවින් නුඹලා වාසය කරන රට නොකෙලෙසන්න. මම ද එහි වාසය කරමි. ඉශ්රායෙල් ජනයා අතර වාසය කරන මම සමිඳාණන් වහන්සේ වෙමි.’ “