ගණන් කථාව 22:21-34
ගණන් කථාව 22:21-34 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උදෑසන පිබිදුණු බාලාම් තම බූරුවා සූදානම් කර, මෝවබ් ප්රභූන් සමඟ පිටත් ව ගියේ ය. ඔහුගේ යෑම ගැන, දෙවියන්වහන්සේ බොහෝ සේ උරණ වූ සේක. ස්වාමින්වහන්සේගේ දූතයා, ඔහුට එරෙහිව සිටිමින්, පාරේ සිට ගත්තේ ය. බාලාම් ගියේ තම බූරු දෙන පිටේ ය. ඔහුගේ සේවකයින් දෙදෙනෙක් ද ඔහු සමඟ වූහ. ස්වාමින්වහන්සේගේ දූතයා ඇදගත් කඩුවක් අතැතිව, පාරේ සිටගෙන සිටිනු දුටු බූරු දෙන, පාරෙන් ඉවතට කෙතට හැරිණි. යළි ඌ පාරට ගන්නට බාලාම් ඌට තැළී ය. එවිට ස්වාමින්වහන්සේගේ දූතයා, මිදි වතු දෙකක් අතරේ දෙපසින් ම තාප්ප සහිත පටු මාවතක සිට ගත්තේ ය. ස්වාමින්වහන්සේගේ දූතයා දුටු බූරු දෙන, තාප්පයට ළං වී ඊට තද වූයෙන්, බාලාම්ගේ කකුල තැළුණේ ය. එබැවින් ඔහු යළි ඌට තැළී ය. ඉන්පසු ස්වාමින්වහන්සේගේ දූතයා ඉන් මදක් ඔබ්බට ගොස්, වමට හෝ දකුණට හෝ හැරෙන්නට ඉඩක් නැති පටු තැනක සිට ගත්තේ ය. මෙවර ස්වාමින්වහන්සේගේ දූතයා දුටු බූරු දෙන, බාලාම් ඌ පිට සිටියදී ම, බිම වැතිරුණා ය. ඉන් කෝපයට පත් ඔහු, තම කෙවිටෙන් ඌට පහර දුන්නේ ය. එවිට ස්වාමින්වහන්සේ බූරුදෙනට කතා කරන්නට සැලැස් වූයෙන්, බාලාම් ඇමතූ ඌ, “මේ තුන් වතාවේ ම මට තලන්නට මා ඔබට කුමක් ද කළේ?” යි ඇසී ය. “නුඹ මා විහිළුවකට බාර ගත් නිසයි! මා අත කඩුවක් තිබුණා නම් මෙලහකටත් මා නුඹ මරා දමලා” යි බාලාම් බූරුදෙනට පැවසී ය. බූරු දෙන, බාලාම් අමතමින්, “අද දවස දක්වා මුළු ජීවිත කාලයේ ම ඔබ නැගී ගිය බූරු දෙන මා නො වේ ද? කිසි දිනෙකත් ඔබට මෙසේ කරන්නට මා පුරුදු ව සිටියා දැ?” යි ඇසී ය. “නැතැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට ස්වාමින්වහන්සේ බාලාම්ගේ ඇස් විවර කළෙන්, ස්වාමින්වහන්සේගේ දූතයා ඇදගත් කඩුව ද අතැතිව, මාර්ගයේ සිටිනු ඔහු දැක්කේ ය. එවිට බාලාම් පහතට හිස නවා, මුණින් තලා වැටුණේ ය. ස්වාමින්වහන්සේගේ දූතයා ඔහු අමතමින්, “මේ තුන් වතාවේ ම නුඹ, නුඹේ බූරුදෙනට පහර දුන්නේ මන්ද? නුඹට එරෙහි වන්නට මා මෙහි ආවේ නුඹේ ගමන් මග මා ඉදිරියේ නො සැලකිලිමත් ව ඇති නිසයි. බූරු දෙන මේ තුන් වතාවේ ම මා දැක ඉවත හැරුණා. එසේ ඌ ඉවත හැරුණේ නැති නම් මේ වන විට ඌ ඉතිරි කරමින්, සත්තකින් ම මා නුඹ මරා දමන්නට තිබුණා” යි පැවසී ය. බාලාම්, ස්වාමින්වහන්සේගේ දූතයාට පිළිතුරු දෙමින්, “මම පව් කළෙමි. මා මුණගැසීමට ඔබ පාරේ සිටගෙන හුන් වග මා දැන සිටියේ නෑ. ඉතින් එය ඇස් ඉදිරියේ නපුරු නම් මා ආපසු යනවා” යි කීවේ ය.
ගණන් කථාව 22:21-34 Sinhala Revised Old Version (SROV)
බාලාම් උදය නැගිට තමාගේ කොටළුදෙන සූදානම්කොට මෝවබ්හි අධිපතීන් සමඟ ගියේය. ඔහු ගිය නිසා දෙවියන්වහන්සේගේ උදහස ඇවුළුණේය. ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට විරුද්ධකාරයෙක්ව මාර්ගයෙහි සිටගත්තේය. ඔහු තමාගේ කොටළුදෙන පිට නැගී උන්නේය, ඔහුගේ මෙහෙකරුවෝ දෙදෙනා ඔහු සමඟ සිටියෝය. කොටළුදෙන ස්වාමීන්වහන්සේගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටින බව දැක මගින් ඉවත්ව කෙතට ගියාය. බාලාම් කොටළුදෙන මගට හරවන පිණිස ඈට ගැසීය. එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා දෙපැත්තේ තාප්ප ඇති මිදිවතු අතරේ පටු පාරක සිටගත්තේය. කොටළුදෙන ස්වාමීන්වහන්සේගේ දූතයා දැක තාප්පයට හැපී බාලාම්ගේ පය තාප්පයට වැද්දෙවුවාය. ඔහු නැවතත් ඈට ගැසුවේය. ස්වාමීන්වහන්සේගේ දූතයා තව දුරටත් ගොස්, දකුණටවත් වමටවත් හැරෙන්ට ඉඩ නැති නුපුළුල් ස්ථානයක සිටගත්තේය. කොටළුදෙන ස්වාමීන්වහන්සේගේ දූතයා දැක බාලාම් ඈ පිට ඉන්දදීම බිම වැතුරුණාය. බාලාම්ගේ කෝපය ඇවුළුණේය, ඔහු තමාගේ කෙවිටෙන් කොටළුදෙනට ගැසීය. එවිට ස්වාමීන්වහන්සේ කොටළුදෙනගේ මුඛය ඇරෙවුසේක, ඈද: මේ තුන් වරක්ම මට ගැසීමට මම ඔබට කුමක් කෙළෙම්දැයි බාලාම්ට කීවාය. බාලාම්ද: තී මට සරදම්කළ නිසාය. මාගේ අතේ කඩුවක් තිබුණේවී නම් මා විසින් මෙලහට තී මැරුවා නොවේදැයි කොටළුදෙනට කීවේය. කොටළුදෙන: මම ඔබගේ මුළු ජීවිතයේ අද දක්වා ඔබ නැගීගිය ඔබගේ කොටළුදෙන නොවෙම්ද? ඔබට මෙසේ කරන්ට කවදාවත් පුරුදුව සිටියෙම්දැයි බාලාම්ට කීවාය. ඔහු: නැතැයි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ බාලාම්ගේ ඇස් ඇරෙවුසේක, ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටිනවා දැක හිස නමා මුහුණින් වැටුණේය. ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට කථාකොට: නුඹේ කොටළුදෙනට නුඹ මේ තුන් වරක්ම ගැසුවේ මක්නිසාද? නුඹේ මාර්ගය මා ඉදිරියෙහි ඇදව තිබෙන නිසා විරුද්ධකාරයෙක් මෙන් මෙහි ඇවිත් සිටිමි. කොටළුදෙනද මා දැක මේ තුන් වරක්ම මා ඉදිරියෙන් ඉවත හැරුණාය. ඈ මා කෙරෙන් ඉවත නොහැරුණා නම් සැබවින් මා විසින් නුඹ මරා ඈ ඉතුරුකරනලද්දේ නොවේදැයි කීවේය. බාලාම්ද: ඔබ මට විරුද්ධව මාර්ගයෙහි සිටි බව මා නොදත් බැවින් පව්කෙළෙමි. ඉදින් ඔබ අසතුටුනම් හැරීයන්නෙමියි ස්වාමීන්වහන්සේගේ දූතයාට කීවේය.
ගණන් කථාව 22:21-34 Sinhala New Revised Version (NRSV)
බාලාම් උදෑසනින් නැඟිට කොටළුවාට සෑදලය යොදා මෝවබ්හි නායකයන් සමඟ ගියේ ය. බාලාම් මෙසේ ගිය බැවින් දෙවියන් වහන්සේගේ උදහස ඇවිළිණි. ඔහු තම කොටළුවා පිට නැඟී ගියේ ය. ඔහු සමඟ මෙහෙකරුවෝ දෙදෙනෙක් ද වූ හ. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අවහිර කරමින් පාර හරහා සිටගත්තේ ය. අතේ කඩුවක් ඇති, සමිඳාණන් වහන්සේගේ දූතයා පාර හරහා සිටිනු දුටු විට, කොටළුවා පාරෙන් ඉවත් ව කෙතට ගියේ ය. එහෙත් බාලාම් කොටළුවා ආපසු පාරට හරවන පිණිස, ඌට පහර දුන්නේ ය. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා, දෙපැත්තේ තාප්ප ඇති, මිදි වතු මැදින් වූ පටු පාරක් හරහා සිටගත්තේ ය. කොටළුවා, සමිඳාණන් වහන්සේගේ දූතයා දුටු විට, ඌ තාප්පය දෙසට වැරෙන් තල්ලු වී ගිය නිසා බාලාම්ගේ පය තාප්පයේ හැපී තුවාළ විය. එවිට ඔහු තවත් වරක් ඌට තැළී ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ දූතයා ඉදිරියට ගොස් වමතට හෝ දකුණතට හෝ හැරෙන්නට ඉඩ නැති ඉතා පටු පාරක සිටගත්තේ ය. මෙවර කොටළුවා සමිඳාණන් වහන්සේගේ දූතයා දුටු විට, බාලාම් ඌ පිට සිටිය දී ම බිම වැදහොත්තේ ය. ඔහු තදින් රොස් වී, කෙවිටෙන් ඌට පහර දෙන්නට විය. එවිට සමිඳාණන් වහන්සේ කොටළුවාට කතා කිරීමේ බලය දුන් සේක. ඌ බාලාම්ට කතා කොට, “ඔබ මට තුන් වතාවක් ම පහර දුන්නේ මා ඔබට කුමන වරදක් කළ නිසා දැ”යි ඇසී ය. බාලාම් ඌට කතා කොට, “මා නුඹට එසේ කෙළේ නුඹ මට සරදම් කරන බැවිනි. මා අත කඩුවක් තිබුණා නම් නුඹ මරාදමන එක සිකුරු ය”යි කීවේ ය. එවිට කොටළුවා බාලාම්ට කතා කොට, “මා ඔබට අයිති වූ දින සිට අද දක්වා ඔබ නැඟී ගිය ඔබේ කොටළුවා මම නොවෙම් ද? මින් ඉහත කවදා වත් මේ විදියට මම ඔබට සංග්රහ කෙළෙම් දැ”යි ඇසූ විට, ඔහු “නැතැ”යි පිළිතුරු දුනි. එවිට සමිඳාණන් වහන්සේ ඔහුගේ ඇස් පැහැදූ සේක. උන් වහන්සේගේ දූතයා අතේ කඩුවක් ඇති ව පාර හරහා සිටිනු ඔහු දිටී ය. ඔහු ද හිස නමා ආචාර කොට, මුණින්තලා වැටිණි. සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු අමතමින්, “නුඹේ කොටළුවාට නුඹ තුන් වතාවක් පහර දුන්නේ මන් ද? නුඹ මේ ගමන නොයා යුතු බැවින්, නුඹට අවහිර කිරීමට මම ආවෙමි. කොටළුවා මා දැක තුන්වරක් පාරෙන් ඉවතට ගියේ ය. ඌ එසේ ඉවතට නොගියේ නම්, සත්තකින් ම නුඹ මරා දමා ඒ සතාගේ පණ බේරාගන්නට මම හිතාගෙන සිටියෙමි”යි කීවේ ය. එවිට බාලාම් සමිඳාණන් වහන්සේගේ දූතයාට කතා කොට, “මම පව් කෙළෙමි. ඔබ මට අවහිර කරමින් පාර හරහා උන් බව මම නොදැන සිටියෙමි. දැන් ඉතින් මගේ ගමනට ඔබ අකමැති නම්, මම හැරී ආපසු යන්නෙමි”යි කීවේ ය.
ගණන් කථාව 22:21-34 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 22:21-34 New International Version (NIV)
Balaam got up in the morning, saddled his donkey and went with the Moabite officials. But God was very angry when he went, and the angel of the LORD stood in the road to oppose him. Balaam was riding on his donkey, and his two servants were with him. When the donkey saw the angel of the LORD standing in the road with a drawn sword in his hand, it turned off the road into a field. Balaam beat it to get it back on the road. Then the angel of the LORD stood in a narrow path through the vineyards, with walls on both sides. When the donkey saw the angel of the LORD, it pressed close to the wall, crushing Balaam’s foot against it. So he beat the donkey again. Then the angel of the LORD moved on ahead and stood in a narrow place where there was no room to turn, either to the right or to the left. When the donkey saw the angel of the LORD, it lay down under Balaam, and he was angry and beat it with his staff. Then the LORD opened the donkey’s mouth, and it said to Balaam, “What have I done to you to make you beat me these three times?” Balaam answered the donkey, “You have made a fool of me! If only I had a sword in my hand, I would kill you right now.” The donkey said to Balaam, “Am I not your own donkey, which you have always ridden, to this day? Have I been in the habit of doing this to you?” “No,” he said. Then the LORD opened Balaam’s eyes, and he saw the angel of the LORD standing in the road with his sword drawn. So he bowed low and fell facedown. The angel of the LORD asked him, “Why have you beaten your donkey these three times? I have come here to oppose you because your path is a reckless one before me. The donkey saw me and turned away from me these three times. If it had not turned away, I would certainly have killed you by now, but I would have spared it.” Balaam said to the angel of the LORD, “I have sinned. I did not realize you were standing in the road to oppose me. Now if you are displeased, I will go back.”