ගණන් කථාව 22:15-22
ගණන් කථාව 22:15-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට බාලාක්, පළමු අයට වඩා ගරු කටයුතු වූ පළමු වරට වඩා වැඩි ප්‍රභූන් පිරිසක් යැවී ය. බාලාම් වෙත පැමිණි ඔවුහු, “සිප්පෝර්ගේ පුත් බාලාක් මෙසේ කියයි: “මා වෙත ඔබේ පැමිණීම වළක්වන්නට කිසිවකට හෝ ඉඩ නො දෙන්න. මම ඔබ මහත් ගෞරවයට පමුණු වන්නෙමි. ඔබ කියන කවර දේ වුව කරන්නෙමි. එබැවින් එන්න; අවුත්, මා උදෙසා මේ ජනතාව පිට ශාපයක් තබන්නැ” යි ඉල්ලූහ. එහෙත් බාලාම් බාලාක්ගේ සේවකයනට පිළිතුරු දෙමින්, “බාලාක්, ඔහුගේ මාලිගය පිරෙන්නට ම රන් රිදී මට දෙතත්, මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ අණට පටහැනි ව ලොකු දෙයක් හෝ සුළු දෙයක් හෝ කරන්නට මට නුපුළුවන. එබැවින් දැන් අනෙක් අය කළ පරිදි රැය මෙහි ගත කරන්න. ස්වාමින්වහන්සේ මට තව කුමක් කියන සේක් දැයි මම දැන ගන්නෙමි” යි කීවේ ය. ඒ රැයේ දෙවියන්වහන්සේ බාලාම් වෙත පැමිණි සේක්, “මේ මිනිසුන් පැමිණ ඇත්තේ ඔබ කැඳවා යෑමට නම්, ඔවුන් සමඟ යන්න. එහෙත් මා ඔබට කියන දේ පමණක් කරන්නැ” යි කී සේක. උදෑසන පිබිදුණු බාලාම් තම බූරුවා සූදානම් කර, මෝවබ් ප්‍රභූන් සමඟ පිටත් ව ගියේ ය. ඔහුගේ යෑම ගැන, දෙවියන්වහන්සේ බොහෝ සේ උරණ වූ සේක. ස්වාමින්වහන්සේගේ දූතයා, ඔහුට එරෙහිව සිටිමින්, පාරේ සිට ගත්තේ ය. බාලාම් ගියේ තම බූරු දෙන පිටේ ය. ඔහුගේ සේවකයින් දෙදෙනෙක් ද ඔහු සමඟ වූහ.
ගණන් කථාව 22:15-22 Sinhala Revised Old Version (SROV)
බාලාක් ගණනින් ඔවුන්ට වැඩිවූ ඔවුන්ට වඩා ගරුතරවූ අධිපතීන් නැවත යැවීය. ඔව්හු බාලාම් වෙතට අවුත් කියන්නෝ: ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් මෙසේ කියයි: නුඹ මා වෙතට ඊමට කිසිවකින් නුඹට බාධාවක් නොවේවා. මක්නිසාද මම නුඹ ඉතා මහත් ගෞරවයට පමුණුවන්නෙමි, නුඹ මට කියන කොයි දෙයක් නුමුත් කරන්නෙමි. එබැවින් අවුත් මේ සෙනඟට මා උදෙසා ශාපකරන ලෙස නුඹෙන් ඉල්ලමියි කියන්නේයයි ඔහුට කීවෝය. බාලාම් බාලාක්ගේ සේවකයන්ට උත්තරදෙමින්: බාලාක් තමාගේ ගෙය පුරවා රන් රිදී මට දෙතත් අඩුව හෝ වැඩිව හෝ කරන්ට මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ වචනය ඉක්මවා යා නොහැක්කෙමි. එබැවින් ස්වාමීන්වහන්සේ තවත් මට කියන්නේ කිමෙක්දැයි මා දැනගන්නා පිණිස නුඹලාත් අද රාත්‍රියේ මෙහි සිටින්නැයි කීවේය. දෙවියන්වහන්සේ රාත්‍රියෙහි බාලාම් වෙතට අවුත් ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයෝ නුඹ කැඳවන පිණිස අවුත් සිටිත්නම් නැගිට ඔවුන් සමඟ යන්න; එසේවී නුමුත් මා නුඹට කියන වචනය පමණක්ම කරන්නැයි කීසේක. බාලාම් උදය නැගිට තමාගේ කොටළුදෙන සූදානම්කොට මෝවබ්හි අධිපතීන් සමඟ ගියේය. ඔහු ගිය නිසා දෙවියන්වහන්සේගේ උදහස ඇවුළුණේය. ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට විරුද්ධකාරයෙක්ව මාර්ගයෙහි සිටගත්තේය. ඔහු තමාගේ කොටළුදෙන පිට නැගී උන්නේය, ඔහුගේ මෙහෙකරුවෝ දෙදෙනා ඔහු සමඟ සිටියෝය.
ගණන් කථාව 22:15-22 Sinhala New Revised Version (NRSV)
එවිට බාලාක් කලින් යැවූ දූතයන්ට වඩා ගරුතර නායකයන් බොහෝ දෙනෙකු නැවත යැවී ය. ඔව්හු බාලාම් වෙත පැමිණ, “ශිප්පෝර්ගේ පුත් බාලාක් මෙසේ කියනු ඇත: ‘කරුණාකර, මා වෙත එන්නට බැහැ නොකියන්න. මම ඔබට ගරු සම්මාන ප්‍රදානය කරමි, ඔබ ඉල්ලන්නේ කුමක් ද, ඒ දේ මම දෙමි. එබැවින් කරුණාකර, මෙහි පැමිණ, මා වෙනුවෙන් මේ සෙනඟට සාප කරන්න’ කියා ඉල්ලා සිටින්නේ ය”යි සැළ කළහ. එවිට බාලාම්, බාලාක්ගේ දූතයන්ට පිළිතුරු දෙමින්, “බාලාක් සිය රාජකීය මාලිගයේ රන් රිදී සියල්ල මට දෙතත්, මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ඉක්මවා, අබමල් රේණුවක පමණ වත් දෙයක් මට කළ නොහැකි ය. එබැවින් කරුණාකර, මේ රාත්‍රියත් මෙහි ගත කරන්න, සමිඳාණන් වහන්සේ ඊට වැඩි යමක් මට කියන සේක් නම්, මම එය දැන ගන්නෙමි”යි සැළ කෙළේ ය. එදින රෑ දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ, ඔහුට කතා කොට, “නුඹ කැඳවීමට මේ මිනිස්සු පැමිණියෝ නම්, ඔවුන් සමඟ යන්න. එහෙත්, මා නුඹට දන්වන පණිවුඩය අනුව පමණක් නුඹ කළ යුතු ය”යි වදාළ සේක. බාලාම් උදෑසනින් නැඟිට කොටළුවාට සෑදලය යොදා මෝවබ්හි නායකයන් සමඟ ගියේ ය. බාලාම් මෙසේ ගිය බැවින් දෙවියන් වහන්සේගේ උදහස ඇවිළිණි. ඔහු තම කොටළුවා පිට නැඟී ගියේ ය. ඔහු සමඟ මෙහෙකරුවෝ දෙදෙනෙක් ද වූ හ. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අවහිර කරමින් පාර හරහා සිටගත්තේ ය.
ගණන් කථාව 22:15-22 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 22:15-22 New International Version (NIV)
Then Balak sent other officials, more numerous and more distinguished than the first. They came to Balaam and said: “This is what Balak son of Zippor says: Do not let anything keep you from coming to me, because I will reward you handsomely and do whatever you say. Come and put a curse on these people for me.” But Balaam answered them, “Even if Balak gave me all the silver and gold in his palace, I could not do anything great or small to go beyond the command of the LORD my God. Now spend the night here so that I can find out what else the LORD will tell me.” That night God came to Balaam and said, “Since these men have come to summon you, go with them, but do only what I tell you.” Balaam got up in the morning, saddled his donkey and went with the Moabite officials. But God was very angry when he went, and the angel of the LORD stood in the road to oppose him. Balaam was riding on his donkey, and his two servants were with him.