ගණන් කථාව 16:1-7
ගණන් කථාව 16:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ලෙවීගේ පුත්‍ර කොහාත්ගේ පුත්‍රයා වූ ඉස්හාර්ගේ පුත්‍රයා වන කෝරා, රූබෙන් වංශික එලියාබ්ගේ පුතුන් වූ දාතාන් හා අබිරාම් ද පෙලෙත්ගේ පුත්‍ර ඕන් ද යන අය සමඟ මිනිසුන් කැටුව මෝසෙස්ට එරෙහිව, නැගී සිටියේ ය. සමාජයෙන් තෝරා පත් කෙරුණු සභිකයින් වූ ද ජනතාව අතර ප්‍රසිද්ධ වූ ද ඉශ්‍රායෙල් ප්‍රජා නායකයින් දෙසිය පනස් දෙනෙක් ද ඔවුන් සමඟ වූහ. මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව කණ්ඩායමක් සේ පැමිණි ඔවුහු, ඔවුන් අමතමින්, “නුඹලා ගානට වැඩියි. මේ මුළු සමාජය ම ශුද්ධයි; මේ හැම කෙනෙක් ම; ස්වාමින්වහන්සේත් ඔවුන් සමඟයි. එසේ තිබියදී ස්වාමින්වහන්සේගේ සභාවට ඉහළින් නුඹලා, නුඹලා ම උසස් කර ගන්නේ මන්දැ?” යි ඇසූහ. මෝසෙස් මෙය ඇසූ කල, මුණින් තලා වැටුණේ ය. ඉන් අනතුරුව කෝරා හා ඔහුගේ අනුගාමික සියල්ලන් ඇමතූ මෝසෙස්, “තමන්වහන්සේට අයිති කවුරු ද, ශුද්ධ අය කවුරු ද කියා ස්වාමින්වහන්සේ හෙට උදෑසන පෙන්වා දී, ඒ තැනැත්තාට තමන් සමීපයට ඒමට උන්වහන්සේ සලසන සේක. උන්වහන්සේ තෝරාගත් මනුෂ්‍යයාට තමන්වහන්සේ සමීපයට ඒමට උන්වහන්සේ සලසන සේක. කෝරා, නුඹත්, නුඹේ සියලු සගයිනුත් මෙසේ කළ යුතුයි. නුඹලා ධූම පාත්‍ර ගෙන, හෙට ඒවායේ ගිනි බහා, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ඒවාට සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට ස්වාමින්වහන්සේ තෝරා ගන්න මනුෂ්‍යයා, ශුද්ධ තැනැත්තා වනු ඇත. ලෙවී පුත්‍රයිනි, නුඹලා ඕනෑවට වඩා ගානට වැඩි යැ” යි පැවසී ය.
ගණන් කථාව 16:1-7 Sinhala Revised Old Version (SROV)
ලෙවීගේ පුත්‍රවූ කොහාත්ගේ පුත්‍රයා වන ඉශ්හාර්ගේ පුත්‍රයාවූ කෝරාද රූබෙන් පුත්‍රයෝ වන එලියාබ්ගේ පුත්‍රයෝවූ දාතාන් හා අබීරාම්ද පෙලෙත්ගේ පුත්‍රවූ ඕන්ද, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සභාවේ අධිපතීන් වන සභාවෙන් කැඳවාගනු ලැබුවාවූ කීර්තිමත්වූ මනුෂ්‍යයන් දෙසිය පනස්දෙනෙකු සමඟ මෝසෙස්ට එදිරිව නැගිට, මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව රැස්ව ඔවුන්ට කථාකොට: නුඹලාගේ ලොකුකම් ඉතා වැඩිය. මක්නිසාද මුළු සභාවේ සියල්ලන් ශුද්ධව සිටිද්දීත්, ස්වාමීන්වහන්සේ ද ඔවුන් අතරෙහි සිටිද්දීත්, නුඹලා ස්වාමීන්වහන්සේගේ සභාවට ඉහළින් ලොකුකම් ගන්නේ මක්නිසාදැයි කීවෝය. මෝසෙස් ඒ අසා මුහුණින් වැටුණේය. ඔහු කෝරාට සහ ඔහුගේ මුළු සමාගමට කථාකොට: ස්වාමීන්වහන්සේ තමන්ට අයිතිවූ අය කවුද කියාත් ශුද්ධවූ තැනැත්තා කවුද කියාත් හෙට උදය දන්වාදී ඒ අය තමන් ළඟට පමුණුවනවා ඇත. උන්වහන්සේ තෝරාගන්න අයම තමන් ළඟට පමුණුවනවා ඇත. මේක කරන්න; කෝරා සහ ඔහුගේ සමාගමේ සියල්ලෙනි, හෙට ධූප භාජන ගෙන, ඒවායේ ගින්දර බහා, ස්වාමීන්වහන්සේ ඉදිරියේ එහි සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට ස්වාමීන්වහන්සේ විසින් තෝරාගන්න මනුෂ්‍යයාම ශුද්ධ තැනැත්තා වන්නේය. ලෙවීගේ පුත්‍රයෙනි, නුඹලාගේ ලොකුකම් ඉතා වැඩියයි කීවේය.
ගණන් කථාව 16:1-7 Sinhala New Revised Version (NRSV)
ලෙවීගේ පුත්‍රයා කොහාත් ය; ඔහුගේ පුත්‍රයා ඉශ්හාර් ය. ඔහුගේ පුත්‍රයා වන කෝරා ද රූබන්වරුන්ගේ පුත්‍රයන් වන එලියාබ්ගේ පුත්‍රයන් වන දාතාන් සහ අබිරාම් ද පෙලෙත්ගේ පුත් ඕන් ද ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පණස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ. ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වෙමින්, ඒ දෙදෙනාට කතා කොට, “ඔබ දෙදෙනාගේ මහන්තත්වය පමණට වැඩි යි. මුළු ජනතාවත්, එහි සෑම දෙනෙකුත් සමිඳාණන් වහන්සේට කැප වී නැද් ද? උන් වහන්සේ ඔවුන් මැදත් වැඩ සිටින්නේ නැද් ද? එසේ නම්, නුඹලා පමණක් සමිඳාණන් වහන්සේගේ ජනතාවට ඉහළින් මහලොකුකම් පාන්නේ මන්දැ”යි ඇසූ හ. මෙය ඇසූ මෝසෙස් මුණින්තලා වැටිණි. ඔහු කෝරා ඇතුළු ඔහුගේ මුළු පිරිසට කතා කරමින්, “හෙට උදෑසන අප අතරෙන් සමිඳාණන් වහන්සේට කැප වූ අය උන් වහන්සේ පෙන්වන සේක. උන් වහන්සේට කැප වූ, උන් වහන්සේ තෝරාගත් තැනැත්තාට උන් වහන්සේ සමීපයට එන්නට ද සලසන සේක. කෝරා සහ ඔහුගේ සගයෙනි, මෙය කරන්න, ඔබ හැම ධූම පාත්‍ර ගෙන හෙට උදෑසන ඒවායේ ගිනි අඟුරු බහා, සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට සමිඳාණන් වහන්සේ තෝරාගත්, උන් වහන්සේට කැප වූ තැනැත්තා කවරෙක් ද කියා දැනගත හැක. ලෙවීගේ වංශයේ පුත්‍රයෙනි, ඔබ හැමගේ මහන්තත්වය පමණට වැඩි”යි කීවේ ය.
ගණන් කථාව 16:1-7 Sinhala New Revised Version 2018 (SNRV)
ලෙවීගේ පුත්‍රයා කොහාත් ය; ඔහුගේ පුත්‍රයා ඉශ්හාර් ය. ඔහුගේ පුත්‍රයා වන කෝරා ද රූබන්වරුන්ගේ පුත්‍රයන් වන එලියාබ්ගේ පුත්‍රයන් වන දාතාන් සහ අබිරාම් ද පෙලෙත්ගේ පුත් ඕන් ද ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පනස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ. ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වෙමින්, ඒ දෙදෙනාට කතා කොට, “ඔබ දෙදෙනාගේ මහන්තත්වය පමණට වැඩි යි. මුළු ජනතාවත්, එහි සෑම දෙනෙකුත් සමිඳාණන් වහන්සේට කැප වී නැද් ද? උන් වහන්සේ ඔවුන් මැදත් වැඩ සිටින්නේ නැද් ද? එසේ නම්, නුඹලා පමණක් සමිඳාණන් වහන්සේගේ ජනතාවට ඉහළින් මහලොකුකම් පාන්නේ මන්දැ”යි ඇසූ හ. මෙය ඇසූ මෝසෙස් මුණින්තලා වැටිණි. ඔහු කෝරා ඇතුළු ඔහුගේ මුළු පිරිසට කතා කරමින්, “හෙට උදෑසන අප අතරෙන් සමිඳාණන් වහන්සේට කැප වූ අය උන් වහන්සේ පෙන්වන සේක. උන් වහන්සේට කැප වූ, උන් වහන්සේ තෝරාගත් තැනැත්තාට උන් වහන්සේ සමීපයට එන්නට ද සලසන සේක. කෝරා සහ ඔහුගේ සගයෙනි, මෙය කරන්න, ඔබ හැම ධූම පාත්‍ර ගෙන හෙට උදෑසන ඒවායේ ගිනි අඟුරු බහා, සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට සමිඳාණන් වහන්සේ තෝරාගත්, උන් වහන්සේට කැප වූ තැනැත්තා කවරෙක් ද කියා දැනගත හැක. ලෙවීගේ වංශයේ පුත්‍රයෙනි, ඔබ හැමගේ මහන්තත්වය පමණට වැඩි”යි කීවේ ය.
ගණන් කථාව 16:1-7 New International Version (NIV)
Korah son of Izhar, the son of Kohath, the son of Levi, and certain Reubenites—Dathan and Abiram, sons of Eliab, and On son of Peleth—became insolent and rose up against Moses. With them were 250 Israelite men, well-known community leaders who had been appointed members of the council. They came as a group to oppose Moses and Aaron and said to them, “You have gone too far! The whole community is holy, every one of them, and the LORD is with them. Why then do you set yourselves above the LORD’s assembly?” When Moses heard this, he fell facedown. Then he said to Korah and all his followers: “In the morning the LORD will show who belongs to him and who is holy, and he will have that person come near him. The man he chooses he will cause to come near him. You, Korah, and all your followers are to do this: Take censers and tomorrow put burning coals and incense in them before the LORD. The man the LORD chooses will be the one who is holy. You Levites have gone too far!”