ගණන් කථාව 16:1-7

ගණන් කථාව 16:1-7 SNRV

ලෙවීගේ පුත්‍රයා කොහාත් ය; ඔහුගේ පුත්‍රයා ඉශ්හාර් ය. ඔහුගේ පුත්‍රයා වන කෝරා ද රූබන්වරුන්ගේ පුත්‍රයන් වන එලියාබ්ගේ පුත්‍රයන් වන දාතාන් සහ අබිරාම් ද පෙලෙත්ගේ පුත් ඕන් ද ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පනස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ. ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වෙමින්, ඒ දෙදෙනාට කතා කොට, “ඔබ දෙදෙනාගේ මහන්තත්වය පමණට වැඩි යි. මුළු ජනතාවත්, එහි සෑම දෙනෙකුත් සමිඳාණන් වහන්සේට කැප වී නැද් ද? උන් වහන්සේ ඔවුන් මැදත් වැඩ සිටින්නේ නැද් ද? එසේ නම්, නුඹලා පමණක් සමිඳාණන් වහන්සේගේ ජනතාවට ඉහළින් මහලොකුකම් පාන්නේ මන්දැ”යි ඇසූ හ. මෙය ඇසූ මෝසෙස් මුණින්තලා වැටිණි. ඔහු කෝරා ඇතුළු ඔහුගේ මුළු පිරිසට කතා කරමින්, “හෙට උදෑසන අප අතරෙන් සමිඳාණන් වහන්සේට කැප වූ අය උන් වහන්සේ පෙන්වන සේක. උන් වහන්සේට කැප වූ, උන් වහන්සේ තෝරාගත් තැනැත්තාට උන් වහන්සේ සමීපයට එන්නට ද සලසන සේක. කෝරා සහ ඔහුගේ සගයෙනි, මෙය කරන්න, ඔබ හැම ධූම පාත්‍ර ගෙන හෙට උදෑසන ඒවායේ ගිනි අඟුරු බහා, සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට සමිඳාණන් වහන්සේ තෝරාගත්, උන් වහන්සේට කැප වූ තැනැත්තා කවරෙක් ද කියා දැනගත හැක. ලෙවීගේ වංශයේ පුත්‍රයෙනි, ඔබ හැමගේ මහන්තත්වය පමණට වැඩි”යි කීවේ ය.

ගණන් කථාව 16:1-7 සඳහා වීඩියෝව

ගණන් කථාව 16:1-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය