ගණන් කථාව 15:22-41

ගණන් කථාව 15:22-41 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“ ‘ස්වාමින්වහන්සේ මෝසෙස්ට දුන් මේ ආඥාවලින් කිසිවක් පිළිපැදීමට අතපසුවීමකින් ඔබ අපොහොසත් වුවහොත්, ස්වාමින්වහන්සේ ඒ ආඥා දුන් දවසේ සිට නොකඩවා මතු පරම්පරාවන්හි ද ස්වාමින්වහන්සේ මෝසෙස්ට දුන් ආඥාවලින් කවරක් හෝ කඩ වුවහොත්, එය සිදු වූයේ මුළු සමූහයා ම නො දැනුවත් ව, අතපසුවීමකින් නම්, මුළු ජන සමාජය ම ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් වශයෙන් දවන යාග පූජාවක් කොට ගව නාම්බකු ඔප්පු කළ යුතු ය. ඒ සමඟ, ඊට නියමිත ධාන්‍ය පූජාව හා පාන පූජාව ද පාප පූජාවක් සඳහා එළු වස්සකු ද ඔප්පු කළ යුතු ය. ඉශ්‍රායෙල් මුළු සමූහයා උදෙසා පූජකයා පාප වන්දි නිවාරණය ඉටු කළ යුතු ය. එවිට ඔවුන්ට කමා කරනු ලැබේ. මන්ද එය අතපසුවීමක් බැවිනි. ඒ හැරත්, ඔවුන්ගේ වරද උදෙසා ගින්නෙන් පිදූ පූජාවක් හා පාප පූජාවක් ස්වාමින්වහන්සේ වෙත ඔවුන් ගෙන ආ බැවිනි. මුළු ඉශ්‍රායෙල් ජන සමාජයට හා ඔවුන් මධ්‍යයේ වෙසෙන විදෙස්සන්ට ද කමා කරනු ලැබේ. මන්ද අතපසුවීමේ වරදට මුළු ජනතාව ම සම්බන්ධ බැවිනි. “ ‘එහෙත් එක් පුද්ගලයකු පමණක් අතපසුවීමකින් පව් කළොත්, ඔහු පාප පූජාවක් සඳහා එක් අවුරුදු එළු වැස්සියක ගෙන ආ යුතු ය. එසේ අතපසුවීමකින් පව් කරමින්, වරද කළ අය උදෙසා පූජකයා ස්වාමින්වහන්සේ ඉදිරියේ පාප වන්දි නිවාරණය ඉටු කළ යුතු ය. මෙසේ ඔහු උදෙසා පාප වන්දි නිවාරණය කළ පසු, ඔහුට සමාව ලැබේ. ඉශ්‍රායෙල් පුරවැසියකු හෝ එහි වෙසෙන විදෙස්සකු යන කවරකු වුව අතපසුවීමකින් පව් කරන ඔබ හැම කෙනකුට ම බල පැවැත්වෙන්නේ එක ම නීතියකි. “ ‘එහෙත් පුරවැසියකු හෝ විදෙස්සකු හෝ යන කවරකු වුව කැරලිකාරී ව පව් කළොත්, ඔහු ස්වාමින්වහන්සේට අපහාස කරයි. තම ජනයා වෙතින් ඔහු සිඳ දැමිය යුතු ය. ඔහු ස්වාමින්වහන්සේගේ වචනය සුළු කොට තකා, උන්වහන්සේගේ ආඥා කඩ කළ බැවින්, නියතයෙන් ම ඔහු සිඳ දැමිය යුතු ය. ඔහුගේ පාපය ඔහු මත ම වේ යැ’ යි” පැවසූ සේක. ඉශ්‍රායෙල්වරුන් පාළුකරයේ සිටියදී, එක් මිනිසෙක් සබත් දවසේ දර එකතු කරනු දක්නට ලැබිණ. ඔහු දර එකතු කරනු දුටුවෝ, මෝසෙස් හා ආරොන් වෙතටත්, මුළු සභාව වෙතටත් ඔහු ගෙන ආහ. ඔහුට කුමක් කළ යුතුදැයි යන්න හරි හැටි නො දත් බැවින් ඔවුහු ඔහු අත්අඩංගුවේ තැබූහ. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඒ මිනිසා මිය යා යුතු ය. කඳවුරෙන් පිටතදී මුළු සභාව ම ඔහුට ගල් ගැසිය යුතු යැ” යි පැවසූ සේක. එබැවින්, කඳවුරෙන් පිටතට ඔහු ගෙන ගිය ඉශ්‍රායෙල් සමූහයා ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු මැරෙන තුරා ගල් ගැසූහ. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල්වරුනට කතා කොට මෙසේ කියන්න: ‘මතු පරම්පරා මුළුල්ලේ ඔබේ වස්ත්‍ර වාටිවල කෙළවර, ටසල සාදාගත යුතු ය. හැම ටසලයක ම නිල්පාට පටියක් තිබිය යුතු ය. මෙම ටසල ඔබට ඇත්තේ, මගේ ආඥාවලට ඔබ කීකරු වන පිණිසත්, ඔබේ ම සිත්වල හා ඇස්වල තෘෂ්ණා අනුව යෑමෙන් අනාචාරකම් නො කරන පිණිසත්, ඒ ටසල දෙස බලා, එමඟින් ස්වාමින්වහන්සේගේ සියලු ආඥා ඔබට සිහිගන්වන්නට ය. එවිට මගේ සියලු ආඥාවලට කීකරු වීමට ඔබට සිහිවනු ඇත. මෙසේ ඔබ, ඔබේ දෙවියන්වහන්සේට ශුද්ධ ව, කැප වනු ඇත. ඔබේ දෙවියන්වහන්සේ වන පිණිස ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම වෙමි’ යි” පැවසූ සේක.

ගණන් කථාව 15:22-41 Sinhala Revised Old Version (SROV)

නුඹලාට වැරදිලා, නුඹලා ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කීවාවූ මේ සියලු ආඥා, එනම් ස්වාමීන්වහන්සේ ආඥා පැණෙවු දවස පටන් නුඹලාගේ පරම්පරාවන්හි පවත්වාගනයන්ට ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා නුඹලාට අණකෙරෙවූ සියල්ලෙන් යමක් නොකර ඇරියොත්, එය සභාවේ දැනගැන්ම නැතුව වැරදිල්ලකින් කරන ලද්දේනම්, මුළු සභාව ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස, දවන පූජාවක් පිණිස, එක තරුණ ගොනෙක්ද නියමයේ හැටියට උගේ ආහාර පූජාවද පාන පූජාවද පාප පූජාවක් කොට එක එළුවෙක්ද ඔප්පුකරාවා. පූජකයාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව උදෙසා සමඟිකමක් කෙරේවා, එවිට ඔවුන්ට කමාව ලැබේ; මක්නිසාද ඒක වැරදිල්ලක්ය, ඔව්හුද ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් කොට තමුන්ගේ පූජාව සහ තමුන්ගේ පාප පූජාවත් තමුන්ගේ වැරදිල්ල ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනාවාහුය. එසේ වැරදිල්ලකින් මුළු සෙනඟ එය කළ බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවටත් ඔවුන් අතරෙහි සිටින විදේශියාටත් කමාව ලැබේ. එක්කෙනෙක් වැරදිල්ලකින් පව්කරන්නේනම් ඔහු පාප පූජාවක් පිණිස එක් අවුරුදු එළුදෙනකු පූජා කරාවා. පූජකයාද එසේ වැරදිල්ලකින් නොදැන පව්කරන අය උදෙසා සමඟිකමක් කිරීමෙන් ඔහුට කමාව ලැබෙන පිණිස ඔහු උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමඟිකමක් කරාවා. වැරදිල්ලකින් යමක් කරන අය ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශියෙක් වුණත් ඔවුන් අතරෙහි වසන විදේශියෙක් වුණත් ඔවුන් ගැන එක ව්‍යවස්ථාවක් නුඹලාට වන්නේය. එහෙත් ස්වදේශියාවත් විදේශියාවත් එඩි සිතින් යමක් කරන්නේනම්, ඒ අය ස්වාමීන්වහන්සේට අපහාස කරන බැවින්, ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය. මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ වචනය සුළුකොට සිතා උන්වහන්සේගේ ආඥාව කඩකෙළේය; ඔහු සහමුලින්ම සිඳදමනු ලබන්නේය, ඔහුගේ අයුතුකම ඔහුට වන්නේයයි කීසේක. ඉශ්‍රායෙල් පුත්‍රයන් කාන්තාරයෙහි සිටියදී මනුෂ්‍යයෙක් සබත් දවසේ දර එකතුකරනවා ඔව්හු දුටුවෝය. එසේ ඔහු දර එකතුකරනවා දුටු අය මෝසෙස් හා ආරොන්ද මුළු සභාවද වෙතට ඔහු ගෙනාවෝය. එවිට, ඔහුට කළ යුතු දේ දන්වා නොතිබුණු බැවින් ඔහු හිර අඩස්සි කළෝය. ස්වාමීන්වහන්සේ ද: ඒ මනුෂ්‍යයා සැබැවින් මරනු ලැබිය යුතුය. මුළු සභාව කඳවුරෙන් පිටතදී ගල්ගසා ඔහු මරත්වයි මෝසෙස්ට කීසේක. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මුළු සභාව කඳවුරෙන් පිටතට ඔහු ගෙනගොස් ඔහුට ගල් ගැසුවාය, ඔහු මළේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින්, ඔවුන්ගේ පරම්පරාවලදී තමුන්ගේ වස්ත්‍ර වාටිවල දාවලු සාදාගන එක එක වාටියේ දාවල්ල පිට නිල් පටියක් අල්ලන හැටියට ඔවුන්ට කියන්න. නුඹලා දාවල්ල බලා ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා සිහිකොට ඒවා කරන පිණිසත්, නුඹලා පුරුදු ලෙස අනාචාරකම් කරමින් නුඹලාගේ සිත්ද ඇස්ද අනුව නොයන පිණිසත්, නුඹලා මාගේ සියලු ආඥා සිහිකොට ඒවා පවත්වමින් නුඹලාගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටින පිණිසත්, එබඳු දාවල්ලක් නුඹලාට තිබේවා. නුඹලාගේ දෙවියන්වහන්සේ වන පිණිස මම මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යයි කීසේක.

ගණන් කථාව 15:22-41 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ මේ සියලු ආඥා යම් කිසි අතපසු වීමකින් නුඹලා කඩ කළොත් එසේ නැත් නම්, උන් වහන්සේ ඒවා අණ කළ දින පටන් ඉදිරියට මතු පරම්පරාවන්, මෝසෙස් මඟින් දුන් ආඥා කඩ කළොත්, එසේ වූයේ ජනතාවට නොදැනුවත්කමින් නම්, මුළු ජනතාව ම සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳැති දවන යාග පූජාවක් වශයෙන් එක ගොන් වස්සෙකු ඔප්පු කළ යුතු ය. එය සමඟ සිරිත් පරිදි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද, පාප පූජාවක් සඳහා එළුවෙකු ද ඔප්පු කළ යුතු ය. මුළු ඉශ්රායෙල් ජනතාව ම උදෙසා පූජකවරයා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු ඔවුන්ගේ පව් නොදැනුවත්කමින් වූ නිසා, ඔවුන්ට කමා කරනු ඇත. එහෙත් ඒ නොදැනුවත්කම උදෙසා ගින්නෙන් දවා පුදන පඬුරු සහ ඔවුන්ගේ පාප පූජා සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය. මුළු සෙනඟගේ නොදැනුවත්කමින් වූ නිසා මුළු ඉශ්රායෙල් ජනතාවගේ ද, ඔවුන් අතර වසන විදේශිකයන්ගේ ද පව් කමා කරනු ලැබේ. ‘යමෙකු නොදැනුවත්කමින් පව් කළොත්, එවැන්නෙකු පාප පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති එළුදෙනක ගෙනා යුතු ය. මෙලෙස යමෙකු නොදැනුවත්කමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළොත් පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමාවේ පිළිවෙත ඉටු කළ පසු, ඔහුගේ පව් කමා කරනු ලැබේ. නොදැනුවත්කමින් වන පව් පිළිබඳ ව මවුබිම උපන් ඉශ්රායෙල් ජනයාටත්, ඔවුන් අතර කලකට වසන විදෙශිකයන්ටත් එක ම නීතියක් වලංගු වනු ඇත. ‘ස්වදේශිකයෙක් හෝ විදේශිකයෙක් හෝ දැන දැන නීතිය කඩ කරයි නම්, එවැන්නෙකු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දුෂ්ට අපරාධයක් කරන බැවින් ඔහු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ. ඔහු සමිඳාණන් වහන්සේගේ වචනය හෙළා දැක, උන් වහන්සේගේ ආඥා කඩ කළ බැවින්, එවැන්නෙකු සහමුලින් ම නෙරපාදමනු ඇත. ඔහුගේ දුෂ්ටකම ගැන ඔහු ම වගකිව යුතු ය.’ “ ඉශ්රායෙල් ජනයා පාළුකරයේ සිටිය දී, සබත් දින දර එකතු කළ මිනිසෙක් ඔවුන්ට සම්බ විය. එවිට ඔව්හු මෝසෙස් සහ ආරොන් ඇතුළු ජනතාව ඉදිරියට ඒ මිනිසා ගෙනාවෝ ය. ඔහුට කුමක් කළ යුතු ද කියා නියම ව නොතිබුණ හෙයින්, ඔව්හු ඔහු සිර අඩස්සි කළහ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඒ මිනිසා මරණයට පත් කළ යුතු ය. මුළු ජනතාව ම ඔහු කඳවුරෙන් පිටතට ගෙන ගොස් ගල් ගසා මැරිය යුතු ය”යි වදාළ සේක. උන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි මුළු ජනතාව ඔහු කඳවුරෙන් පිටතට ගෙන ගොස්, ඔහුට ගල් ගසා, මරාදැමූ හ. සමිඳාණන් වහන්සේ යළි මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ අණ කරන්න. ‘ඔවුන්ගේ මතු පරම්පරාවල සැම කෙනෙක් ම තම තමන්ගේ වස්ත්‍රවල වාටියේ දාවලු සෑදිය යුතු ය. තවද, ඒ එක එක වාටියේ දාවල්ල පිට නිල් පටියක් දැමිය යුතු ය. නුඹලාට මේ දාවලු පෙනෙන විට, සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල සිහි කොට ඒවා පිළිපැදීමට සිතට ගත යුතු ය. එවිට නුඹලා මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගත් මෙන්, නුඹලාගේ නෙත් සිත් ඇදී යන පරිදි එසේ නොකළ යුතු ය. නුඹලා මෙය සිහි කොට, මාගේ ආඥා සියල්ල ඉටු කරමින්, නුඹලාගේ දෙවියන් වහන්සේට පමණක් කැප විය යුතු ය. දෙවි සමිඳාණන් වහන්සේ මම ය. නුඹලාගේ දෙවියන් වන පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය.’ “

ගණන් කථාව 15:22-41 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ මේ සියලු ආඥා යම් කිසි අතපසු වීමකින් නුඹලා කඩ කළොත් එසේ නැත් නම්, උන් වහන්සේ ඒවා අණ කළ දින පටන් ඉදිරියට මතු පරම්පරාවන්, මෝසෙස් මඟින් දුන් ආඥා කඩ කළොත්, එසේ වූයේ ජනතාවට නොදැනුවත්කමින් නම්, මුළු ජනතාව ම සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳැති දවන යාග පූජාවක් වශයෙන් එක ගොන් වස්සෙකු ඔප්පු කළ යුතු ය. එය සමඟ සිරිත් පරිදි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද, පාප පූජාවක් සඳහා එළුවෙකු ද ඔප්පු කළ යුතු ය. මුළු ඉශ්රායෙල් ජනතාව ම උදෙසා පූජකවරයා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු ඔවුන්ගේ පව් නොදැනුවත්කමින් වූ නිසා, ඔවුන්ට කමා කරනු ඇත. එහෙත් ඒ නොදැනුවත්කම උදෙසා ගින්නෙන් දවා පුදන පඬුරු සහ ඔවුන්ගේ පාප පූජා සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය. මුළු සෙනඟගේ නොදැනුවත්කමින් වූ නිසා මුළු ඉශ්රායෙල් ජනතාවගේ ද, ඔවුන් අතර වසන විදේශිකයන්ගේ ද පව් කමා කරනු ලැබේ. ‘යමෙකු නොදැනුවත්කමින් පව් කළොත්, එවැන්නෙකු පාප පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති එළුදෙනක ගෙනා යුතු ය. මෙලෙස යමෙකු නොදැනුවත්කමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළොත් පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමාවේ පිළිවෙත ඉටු කළ පසු, ඔහුගේ පව් කමා කරනු ලැබේ. නොදැනුවත්කමින් වන පව් පිළිබඳ ව මවුබිම උපන් ඉශ්රායෙල් ජනයාටත්, ඔවුන් අතර කලකට වසන විදෙශිකයන්ටත් එක ම නීතියක් වලංගු වනු ඇත. ‘ස්වදේශිකයෙක් හෝ විදේශිකයෙක් හෝ දැන දැන නීතිය කඩ කරයි නම්, එවැන්නෙකු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දුෂ්ට අපරාධයක් කරන බැවින් ඔහු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ. ඔහු සමිඳාණන් වහන්සේගේ වචනය හෙළා දැක, උන් වහන්සේගේ ආඥා කඩ කළ බැවින්, එවැන්නෙකු සහමුලින් ම නෙරපාදමනු ඇත. ඔහුගේ දුෂ්ටකම ගැන ඔහු ම වගකිව යුතු ය.’ ” ඉශ්රායෙල් ජනයා පාළුකරයේ සිටිය දී, සබත් දින දර එකතු කළ මිනිසෙක් ඔවුන්ට සම්බ විය. එවිට ඔව්හු මෝසෙස් සහ ආරොන් ඇතුළු ජනතාව ඉදිරියට ඒ මිනිසා ගෙනාවෝ ය. ඔහුට කුමක් කළ යුතු ද කියා නියම ව නොතිබුණ හෙයින්, ඔව්හු ඔහු සිර අඩස්සි කළහ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඒ මිනිසා මරණයට පත් කළ යුතු ය. මුළු ජනතාව ම ඔහු කඳවුරෙන් පිටතට ගෙන ගොස් ගල් ගසා මැරිය යුතු ය”යි වදාළ සේක. උන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි මුළු ජනතාව ඔහු කඳවුරෙන් පිටතට ගෙන ගොස්, ඔහුට ගල් ගසා, මරාදැමූ හ. සමිඳාණන් වහන්සේ යළි මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ අණ කරන්න. ‘ඔවුන්ගේ මතු පරම්පරාවල සැම කෙනෙක් ම තම තමන්ගේ වස්ත්‍රවල වාටියේ දාවලු සෑදිය යුතු ය. තවද, ඒ එක එක වාටියේ දාවල්ල පිට නිල් පටියක් දැමිය යුතු ය. නුඹලාට මේ දාවලු පෙනෙන විට, සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල සිහි කොට ඒවා පිළිපැදීමට සිතට ගත යුතු ය. එවිට නුඹලා මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගත් මෙන්, නුඹලාගේ නෙත් සිත් ඇදී යන පරිදි එසේ නොකළ යුතු ය. නුඹලා මෙය සිහි කොට, මාගේ ආඥා සියල්ල ඉටු කරමින්, නුඹලාගේ දෙවියන් වහන්සේට පමණක් කැප විය යුතු ය. දෙවි සමිඳාණන් වහන්සේ මම ය. නුඹලාගේ දෙවියන් වන පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය.’ ”

ගණන් කථාව 15:22-41 New International Version (NIV)

“ ‘Now if you as a community unintentionally fail to keep any of these commands the LORD gave Moses— any of the LORD’s commands to you through him, from the day the LORD gave them and continuing through the generations to come— and if this is done unintentionally without the community being aware of it, then the whole community is to offer a young bull for a burnt offering as an aroma pleasing to the LORD, along with its prescribed grain offering and drink offering, and a male goat for a sin offering. The priest is to make atonement for the whole Israelite community, and they will be forgiven, for it was not intentional and they have presented to the LORD for their wrong a food offering and a sin offering. The whole Israelite community and the foreigners residing among them will be forgiven, because all the people were involved in the unintentional wrong. “ ‘But if just one person sins unintentionally, that person must bring a year-old female goat for a sin offering. The priest is to make atonement before the LORD for the one who erred by sinning unintentionally, and when atonement has been made, that person will be forgiven. One and the same law applies to everyone who sins unintentionally, whether a native-born Israelite or a foreigner residing among you. “ ‘But anyone who sins defiantly, whether native-born or foreigner, blasphemes the LORD and must be cut off from the people of Israel. Because they have despised the LORD’s word and broken his commands, they must surely be cut off; their guilt remains on them.’ ” While the Israelites were in the wilderness, a man was found gathering wood on the Sabbath day. Those who found him gathering wood brought him to Moses and Aaron and the whole assembly, and they kept him in custody, because it was not clear what should be done to him. Then the LORD said to Moses, “The man must die. The whole assembly must stone him outside the camp.” So the assembly took him outside the camp and stoned him to death, as the LORD commanded Moses. The LORD said to Moses, “Speak to the Israelites and say to them: ‘Throughout the generations to come you are to make tassels on the corners of your garments, with a blue cord on each tassel. You will have these tassels to look at and so you will remember all the commands of the LORD, that you may obey them and not prostitute yourselves by chasing after the lusts of your own hearts and eyes. Then you will remember to obey all my commands and will be consecrated to your God. I am the LORD your God, who brought you out of Egypt to be your God. I am the LORD your God.’ ”