ගණන් කථාව 14:40-45

ගණන් කථාව 14:40-45 සිංහල කාලීන පරිවර්තනය (SCV)

පසු දින අලුයම් උදෙන් උස් කඳුරට දෙසට නැගී ගිය ඔවුහු, “මෙන්න! අපි ස්වාමින්වහන්සේ පොරොන්දු වූ ස්ථානයට නැග යනවා. මන්ද අපි පව් කළෙමු” යි කීහ. එහෙත් මෝසෙස් කතා කොට, “ස්වාමින්වහන්සේගේ අණට ඔබ අකීකරු වන්නේ මන්ද? ඔය වැඩේ සඵල වන්නේ නැත. ස්වාමින්වහන්සේ ඔබ සමඟ නො වන බැවින්, එහි යන්න එපා. ඔබේ සතුරන් ඉදිරියේ ඔබ පරදිනු ඇත. අමලෙක්වරුන් හා කානානිවරුන් එහිදී ඔබට මුහුණ දෙනු ඇත. ස්වාමින්වහන්සේට ඔබ පිටු පෑ නිසා, ස්වාමින්වහන්සේ ඔබ සමඟ නො සිටින බැවින් කඩු මුවහතින් ඔබ පහර කා වැටෙනු ඇතැ” යි කීවේ ය. එහෙත් ඔවුහු තම හිතුවක්කාර තීරණයේ එල්බ, උස් කඳුරට වෙත නැග ගියහ. ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව හෝ මෝසෙස් හෝ කඳවුරෙන් පිටතට ගියේ නැත. ඒ කඳු රටෙහි විසූ අමලෙක්වරු හා කානානිවරු පහත බැස අවුත්, ඔවුනට පහර දී හොර්මා දක්වා මුළු මග දිගට ම ඔවුන් පරාජය කළහ.

ගණන් කථාව 14:40-45 Sinhala Revised Old Version (SROV)

පසුවදා ඔව්හු අලුයම නැගිට කථාකර: මෙන්න, අපි මෙහිය, ස්වාමීන්වහන්සේ පොරොන්දුවූ ස්ථානයට නැගී යමුව, මක්නිසාද අපි පව්කෙළෙමුයයි කියා කන්ද මුදුනට නැගී ගියෝය. නුමුත් මෝසෙස් කථාකර: සඵලයක් නොවන බව දැනගනත් නුඹලා මෙසේ ස්වාමීන්වහන්සේගේ අණ කඩකරන්නේ මක්නිසාද? නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පහර නොලබන පිණිස නැගී නොයන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලා අතරෙහි නොවන සේක. අමලෙක්වරුන්ද කානානිවරුන්ද එහි නුඹලා ඉදිරිපිට සිටින බැවින් නුඹලා කඩුවෙන් වැටෙනවා ඇත. නුඹලා ස්වාමීන්වහන්සේ අනුව යාමෙන් හැරී ගොස් සිටින බැවින් ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ නොසිටිනසේකැයි කීවේය. එහෙත් ඔව්හු හිතුවක්කාරකමින් කන්ද මුදුනට ගියෝය. එසේ වී නුමුත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද මෝසෙස්ද කඳවුරෙන් පිටත්ව නොගියෝය. එවිට ඒ කන්දේ වාසයකළ අමලෙක්වරුද කානානිවරුද බැස ඇවිත් ඔවුන්ට පහරදී හොර්මා දක්වා ඔවුන් විසුරුවාදැමූහ.

ගණන් කථාව 14:40-45 Sinhala New Revised Version (NRSV)

ඔව්හු පසු දින අලුයම නැඟිට, කඳුකර ප්‍රදේශයට යන්නට සූදානම් වෙමින්, “මෙන්න, දැන් අපි සමිඳාණන් වහන්සේ අපට පොරොන්දු වූ ස්ථානයට නැඟී යමු. අපි පව් කෙළෙමු”යි කී හ. එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “දැන් ඉතින් ඔබේ සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? ඔබේ වෑයම නිෂ්ඵල වේ. මෙලෙස නොයන්න, සමිඳාණන් වහන්සේ ඔබ මැද වැඩ සිටින්නේ නැත. ඔබේ සතුරන් ඔබට පහර දෙනු ඇත. ඔබ, අමලෙක්වරුන්ට සහ කානානිවරුන්ට මුහුණ දෙන විට යුද්ධයෙන් නසින්නහු ය. ඔබ හැම සමිඳාණන් වහන්සේගෙන් ඉවත ගොස් සිටින බැවින්, උන් වහන්සේ ඔබ හැම මැද නතර නොවන සේකැ”යි කී ය. එහෙත්, ඔව්හු හිතුවක්කාරකමින් නැඟී කඳුකර ප්‍රදේශයේ මුදුනට ගියහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව වත් මෝසෙස් වත් කඳවුරෙන් නික්ම නොගියේ ය. එවිට කඳුකර ප්‍රදේශයෙහි විසූ අමලෙක්වරු ද කානානිවරු ද බැස අවුත් ඔවුන්ට පහර දී හොර්මා නම් ස්ථානය දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය.

ගණන් කථාව 14:40-45 Sinhala New Revised Version 2018 (SNRV)